කැනඩාවේ අත්දැකීම් (40) නොබලන් මා දෙස-බලන්න හිම දෙස
ජීවිතයේ පළමු වරට සෙල්ෆි ගතිමි. ශීතලෙන් බේරෙන්නට ඇග වැසෙන්නට ඇඳ සිටි නිසා ලැජ්ජා බයකින් තොර ව සෙල්ෆි ගන්නට හැකි විය. ලස්සන හිමේ වැටුණු මගේ අවලස්සන සෙවණැල්ල ද ඡායාරූප ගත කළෙමි. හිරු ඉලක්ක කර, හිරු ද සමඟ සෙල්ෆියක් ගන්න සිතුවේ, ආලෝකය තිබුණත් ශීතල නැති කරන්නට අසමත් සැර නැති සූර්යයකු ද සිටින බව පෙන්වන්නට ය. ඒ අසාර්ථක වූ හෙයින් අසල හිම සමග සෙල්ලම් කරමින් සිටි 6 වන ශ්‍රේණියේ උගෙනුම ලබන ළමයකුට කී විට හේ අපූරුවට හිරු ද මා ද කැමරාවට නාභි කර ගත්තේ ය. අනතුරු ව හිම දෙපස ඇති පදික වේදිකාවේ ද අලුතින් වැටුණු හිම උඩින් ම ද ඇවිදිමේ අත්දැකීම ලදිමි. අලුතින් වැටුණු හිම යට ඇති ඝන වූ පැරණි හිම තිබූ තැනකට පය තබා ලිස්සා යන්නට ගොස් බේරුණේ අනූනවයෙනි.

ලස්සනය්
ReplyDeleteතුති
Deleteහිම...සැර නැති හිරු.. සහ සැගවුන හිරු...
ReplyDeleteනව සහ සැඟවුණු අරුත් සහිත ව ලියා ඇත. තුති.
ReplyDelete