Wednesday 1 August 2018

කැනඩාවේ අත්දැකීම් (86) කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුගෙන් චාරිකා පොතක්.



මිසිසාගා පන්සලට ගිය විට, පන්සලට ආධාර පිණිස ආදායම බැර කළ හැකි වන පරිදි විකුණන්ට තිබූ පොතක් දුටිමි. 'පුනරාවතරණය' නම් වූ පොත, මැද පෙරදිග, දඹදිව, චීනය මෙන් ම කැනඩාව ද පිළිබඳ අත්දැකීම් කැටි කළ චාරිකා පොතකි. ඒ අතර ම ශ්‍රී ලාංකික පරිසරයේ අගය කළ යුතු - අගය නො කළ යුතු ලක්ෂණ ද විවෘත පළ කරන කෘතියකි.
කෘතිය අවසන් කරන්නට ලියැවී ඇති පහත වාක්‍ය තුන, කෙරෙහි ඔබ සැමගේ අවධානය යොමු කරන්නට කැමැත්තෙමි.
---"මවත් මවුබිමත් ස්වර්ගයට වඩා උතුම්ය!"
එය සාකල්‍යයෙන්ම සැබෑවෙකි. ලංකා මවුබිමෙන් බැහැරව ගිය කෙනෙකු හැර, අන් කවරෙක්නම් ඒ සත්‍යය වටහා ගනිත්ද?---

2017 දී කෘතිය ලියා පළ කළ ආනන්ද විජේසිංහ වෙත මගේ ප්‍රණාමය. 



 

No comments:

Post a Comment