Sunday 12 August 2018

කැනඩාවේ අත්දැකීම් (93) ඔන්ටාරියෝ විල අසල දී ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමියගේ මතකය


 2018 ජූලි 6 වන දින දෙ වර වරට ඔන්ටාරියෝ විල ද ඒ අවට උද්‍යානය ද නරඹන්නට ගිය විට  1966 දී මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ 8 වන ශ්‍රේණියේ මතකය ද සිහියට නැගිණි. අපට භූගෝල විද්‍යාව උගැන්වූ ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමිය, පංච මහා විල් ලකුණු කරන්නට කියා දුන්නා ය. වරෙක ඇය ඔස්ට්‍රියාව ලකුණු කරන්නට කියූ විට මා ලකුණු කර තිබුණේ ඔස්ට්‍රේලියා ව ය. එකල මා දැන සිටියේ ඔස්ට්‍රේලියාව ගැන පමණී. ෆ්‍රැන්සිස්කෝ ගුරුතුමිය නිවැරදි ව යුරෝපයේ ඔස්ට්‍රියාව තිබෙන තැන ලකුණු කර කියා දුන්නා ය. නිශ්ශබ්ද ව තම භූමිකාව ඉටු කළ එතුමිය, ගුරු මේසය අසල දී නිවැරදි කළ මේ කරුණ පිළිබඳ මතකය අදටත් තිබෙන්නේ කුමන අරුමයක් නිසා ද? 











No comments:

Post a Comment