Tuesday 14 August 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (64) මහනුවර පෙරහැරෙහි අලි ගැන සඳහන් ඉංග්‍රිසි මාධ්‍ය ළමා පොත.


1.      පොතක අන්තර්ගතය සහ ආකෘතිය කෙබඳු විය යුතු ද? මේ ගැන විවිධ සංකල්ප පර්යේෂණ සාහිත්‍යයයෙහි තිබේ.
2.      මේ අදහස නැවත මසිතට ආවේ  "ස්වකීය විශ්වය ගවේෂණය කිරීම සදහා තරුණ ළමයින්ට විශිෂ්ට ආරම්භක ස්ථානයක් සපයන්නට සමත්" කරවීම සහ "පරිකල්පනය උකහා ගැනීමට"  උදව් කිරීම යන අරමුණු සදහා ලියැවුණු ඉංග්‍රීසි මාධ්‍ය ළමා පොතක් දුටු විට ය. පුද්ගලයන් සහ රටවල් පිළිබඳ ප්‍රශ්න 38කට පිළිතුරු, ගවේෂණය සහ පරිකල්පනය අවුස්සන අයුරින් ඉදිරිපත් වෙන පරිදි ලියා ඇති පොතෙහි, ශ්‍රී ලංකාවේ මහනුවර ඇසල පෙරහැරට සම්බන්ධ රූපයක් ද ප්‍රශ්නයක් ද විස්තරයක් ද අඩංගු ව තිබේ.
3.      මහනුවර ඇසල පෙරහැරට සම්බන්ධ රූපය අඩංගු පිටු දෙකෙහි, රටවල් තුනකට අදාළ ප්‍රශ්න තුනකට පිළිතුරු ද තේමා 6ක් යටතේ කරුණු ද ද රූප 6ක් ද වේ. ඇසල පෙරහැරට අදාළ ව අවධාරණය කර ඇති අලියාට සම්බන්ධ කරුණින්, පරිකල්පනයට ළමයා යොමු කරවන ආකාරය සිතා බලන්න. ඒ අතර ම ගවේෂණ චින්තාවට යොමු කරවන අයුරු ද බලන්න.
4.      මේ පිටු දෙක අනුව, ළමා පොතක ආකෘතිය සහ අන්තර්ගතය ගැන ඔබට මතු වන අදහස් මොනවා ද? පිටරට ළමයකු මේ පෙරහැරෙහි රූපය දකින විට සහ අලියාට සම්බන්ධ ප්‍රශ්නය ගැන කල්පනා කරන විට  කුමන ගවේෂණ කුසලතා සහ පරිකල්පන සංකල්ප උත්පාදනය කර ගන්නේ ද?
5.      පොතේ පසු කවරයේ ද ශ්‍රී ලංකාවට අදාළ විශේෂත්වයක් තිබේ.  එනම් පොතේ අවසන් පිටු දෙකේ සඳහන්, ශ්‍රී ලංකාවට සම්බන්ධ ඇසල පෙරහැර රූපයේ අලියාට අදාළ ප්‍රශ්නයට මූලික තැනක් කතුවරයා විසින් හිමි කර දෙනු ලැබ තිබීමයි. ඒ අතර ම සූචියේ පද අතර ද 'ශ්‍රී ලංකාව' වේ.
6.      ශ්‍රී ලංකාවේ ළමා පොත් සහ පාසල් පෙළපොත්, ශිෂ්‍ය මිතුරු ශෛලියට පරිවර්තනය කිරීමටත් ගවේෂණශීලි සහ පරිකල්පනය සපිරි අනාගත පරපුරක් බිහි කිරීමට ඒවා උපයෝගි කර ගැනීමටත් ගත යුතු පියවර මොනවා ද? පර්යේෂණ සඳහා තේමා සොයමින් මා අමතන සැමට ඇරියුම්.
7.      පොතේ කර්තෘ Philip Steele ය. 1995 දී මහා බ්‍රිතාන්‍යයේ පළ වූ පොතකි.  Kingfisher Publications Plc ප්‍රකාශක වේ.





2 comments:

  1. ලෝකයේ අප නොදන්න බොහෝ දේ අත්දැකීමෙන්ම අට ලබා දෙන ඔබ තුමාට නිරෝගී සුවය හා දීර්ගායු ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඉතා තුති. ඔබේ ප්‍රතිචාරයට. අන්අයටත් මේ පණිවිඩය යවමු. කියවන්නට ඉඩ ලබා දෙමු. ඔබේ පර්යේෂණය ද සාර්ථක ව කරන්නට උත්සාහ ගන්න.

      Delete