Sunday 12 August 2018

කැනඩාවේ අත්දැකීම් (95) කැනඩා සිංහල-ඉංග්‍රිසි පුවත්පත්වලින් නිරූපිත ශ්‍රී ලාංකික මනස.




1.      මිසිසාගාවේ දී කියවන්නට ලැබුණු, ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කොට පළ වන සිංහල පුවත්පත් දෙකක සහ ඉංග්‍රිසි මාධ්‍ය පුවත්පත් හතරක, පසුගිය පසුගිය මාස 12 දී මට හමු වූ පුවත්පත්වල පළ වූ මුල් පිටු ඉදිරිපත් කරනුයේ, ඒවායින් ශ්‍රී ලාංකික ව වැදගත් සිද්ධි ද ඉස්මතු කිරීම කරණකොට ගෙන ය. මෙහි වසන ශ්‍රී ලාංකිකයන් තවමත් ශ්‍රී ලංකාවේ වන දැ ගැන සිහියෙන් සිටින බව මෙයින් පැහැදිලි ය.
2.      ඇතුඵ පිටුවල ද සමහර ලිපි තේමා ශ්‍රී ලංකාවට අදාළ ය. දේශපාලනය, සාහිත්‍යය ආදි තේමා ඔස්සේ වික්ටර් අයිවන්, ලියනගේ අමරකීර්ති, ජයදේව උයන්ගොඩ වැනි ලේඛකයන් ලියු ලිපි ද වේ. පරාක්‍රම කොඩිතුවක්කු සහ යමුනා මාලිනී පෙරේරා ගේ කවි ද ඇතුළත් කවි පිටුවක් ද වේ.  හදහන් බැලීම්, විවාහ යෝජනා, මරණ දැන්වීම් ද වේ. top level politician businessman in Sri Lanka සේවය කරන නක්ෂත්‍රකරුවකු පිළිබඳ අනගි දැන්වීමක් ද වේ.  මහාවංශය සහ සිංහල භාෂාව ඉගැන්වීම පිළිබඳ ලිපි පෙළක් ද වේ. ශ්‍රී ලංකාවේ දී ප්‍රසිද්ධියේ පළ නො වන ප්‍රවෘත්ති සදහන් වූ අවස්ථා ද වේ. උදාහරණයක් ලෙස මධ්‍යම පළාතේ ආණ්ඩුකාර පදවියට සහ මහ ඇමති පදවියට අදාළ කරුණු සහිත කතුවැකිය කියවන්න.
3.      ශ්‍රි ලංකාවට අදාළ කර ගත හැකි කැනඩාවට සම්බන්ධ  ප්‍රවෘත්ති ද වේ. ආදිවාසීන්ට හිරිහැර කළ කැනඩා පළමු අගමැතිගේ නමින් ඇති පාසල්වලින් එම නම ඉවත් කිරීමේ අදහස සහ දූෂිත මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප අහිමි කිරීමට අදාළ අදහස උදාහරණ ය.
4.      කැනඩාවට අදාළ ධන මෙන් ම ඍණ ප්‍රවෘත්ති ද පළ වේ. දරිද්‍රතාව සහිත දරුවන් ගැන ලිපිය බලන්න.
5.      මා විවෘත විශ්වවිද්‍යාලයයේ  ඉංග්‍රිසි පාඨමාලාවක් හදාරන විට, ඉංග්‍රිසි ගුරුතුමිය ලෙස කටයුතු කළ ජීන් අරසනායගම් මහත්මිය ගැන  ලිපියක් ද සතුටින් කියවීමි. 
6.      මේ පත්තරවලට අදාළ වෙබ් අඩවි ද, එම පත්තරවල නමින් ම පවති. දසත යන සිංහල පුවත්පත ද, Ceylon Express, Monsoon Journal යන ඉංග්‍රිසි පුවත්පත් ද  එම වෙබ් අඩවිවලින් 'ඊ පුවත්පත්' ලෙස කියවිය හැකි ය.





























































3 comments:

  1. යමුනා මාලනී මහත්මියගේ මල් සහ මුල බොහොම අරුත්බර පද පෙළක්... එය කිහිප වරක් කියෙව්වෙමි..

    ReplyDelete
  2. මගේ බ්ලොග් එකට පිවිස එහි සියලු ලිපි කියවන්න. මිතුරියන්ටත් කියන්න.

    ReplyDelete