Friday 17 August 2018

කැනඩාවේ අත්දැකීම් (99) ක්‍රිස්තියානි පල්ලි සහ ලේඛන


1.      ඩික්සි යන මාර්ගයේ  ගමන් කරන විට කිලෝමීටර දෙකක් පමණ දුර අතර දී ක්‍රිස්තියානි බැතිමතුන්ට සම්බන්ධ විවිධ නිකායවලට අදාළ පල්ලි හතරක් දක්නට ලැබේ. පළමු රූප දෙකෙහි  දැක්වෙන Lutheran නම් පල්ලියේ ඉතිහාසය අවුරුදු 500ක් බව දැක්වෙන පුවරුවක් වේ. 3-4 රූපවල Jehova's Witnessess  වරුන්ගේ පල්ලිය වේ.  5-10 රූපවලින් දැක්වෙන Biserica Ortodoxa Romana පල්ලියේ පැරණී චිත්‍ර සහ කැටයම් කලාව  ඉතා විචිත්‍රවත් ය. එක් පල්ලියක ඡායාරූප ගත නො හැකි විය.
2.      දිනක් බස් නැවතුම් පළක දැන්වීම් පුවරුවක් මත පත්‍රිකා තුනක ඒ 4 ප්‍රමාණයේ කඩදාසිවල ක්‍රිස්තියානි ආගමික පත්‍රිකා 4ක් අලවා තිබෙනු දක්නට ලැබිණි. කුමන නිකායේ දැයි නො දනිමි.  
3.      අප පදිංචි නිවසේ සිට පහළට සෝපානයෙන් බසින විට යුවලක් අප දෙස බලා විස්තර ඇසූහ. මහතා  ක්ෂණික ව මෙන් සාක්කුවෙන් පත්‍රිකාවක් රැගෙන දී එය කියවන්නැයි සහ අවශ්‍ය නම් එහි ලිපිනයට කතා කරන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ කුමන නිකායෙන් දැයි නො දනිතත් ආගම් ප්‍රචාරයට කැප වූ අය බව පැහැදිලි ය.
4.      තැපෑලෙන් එවන ආගමට සම්බන්ධ පත්‍රිකාවක් ද මේසයක් උඩ තිබී හමු විය.














No comments:

Post a Comment