Sunday 12 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (15): ගීතයක්, පාඩමක් ලෙස අර්ථනිරූපණය කරමු.

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (15): ගීතයක්, පාඩමක් ලෙස අර්ථනිරූපණය කරමු.
ක්‍රියාමූලික පර්යේෂණයක් කිරීම සදහා, ගුරුවරයකු පළමු ව තමා ඉගැන්වීමෙහි යෙදෙන පන්තියකට කරන පාඩමක් ඇසුරෙන් සරල ගැටලුවක් හදුනා ගත යුතු වේ. මේ කාර්යය පහසු කිරීම සදහා, මවිසින් වැඩමුඵවල දී යොදා ගනු ලබන ශ්‍රී 420 චිත්‍රපටයේ හින්දි ගීතය නරඹා රස විදින්න. මේ ගීතයෙන් නිරූපිත පරිසරය, පන්ති කාමර පරිසරයක් ලෙසත් ප්‍රධාන නඵවා වන රාජ් කපූර් ගුරුවරයා වන ඔබ ලෙසත් සලකන්න. අනිකුත් අය ශිෂ්‍ය ශිෂ්‍යාවන් යයි සිතන්න.
(අ) ගීතය ආරම්භක අවස්ථාවේ කුලෑටි බවින් යුතු ව ඉදිරියට එන්නට අදිමදි කම් පානා ශිෂ්‍යාවක (1.18 වන මිනිත්තුවේ-තත්පරයේ දී) ඉදිරියට පැමිණ ගුරුවරයා හා රගපාන අයුරු නරඹන්න. එහි දී පසුබිම් සංගීතයේ රටාවත් වෙනස් කරන අයුරු බලන්න. එසේ සංගීත රටාව හිතාමතා වෙනස් කර ඇත්තේ නවක ශිෂ්‍යාවට සහායයක් වන පරිදි ය. ගීතය අවසන් වන අවස්ථාව වන විට (4.24 වන මිනිත්තුවේ-තත්පරයේ දී) කිසිදු කුලෑටිකමක් නැති ව ඇය රගන අයුරුත් බලන්න. ගුරුවරයාගේ පාඩම ශිෂ්‍යාවගේ කුලෑටි බව දුරලන්නට සමත් ව ඇත. මෙසේ ශිෂ්‍යාවගේ වෙනස සිදු වූ ක්‍රමික ආකාරය උදාහරණ ඇති ව විස්තර කළ හොත්, ක්‍රියාමූලික පර්යේෂණයක ලක්ෂණ ඔබට දකින්නට පුඵවන.
(ආ) ගීතය ගයන අවස්ථාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිචාර විවිධ ලක්ෂණ සහිත වේ. සමහරු අත්පුඩි තලමින් ගීතයට ක්‍රියාකාරි ඝෝෂාව සහිත ව සම්බන්ධ වෙති. තවත් අය කිසිදු මුහුණු ඉරියව්වක් නැතත්, නිශ්ශබ්ද ව ආසාවෙන් ගුරුවරයා දෙස බලා සිටිමින් අක්‍රියාකාරී මනස් ඝෝසාවෙන් ගීතය රස විදිති. මේ ස්වාභාවික ශිෂ්‍ය විවිධත්වය, ගුරුවරයා විසින් තේරුම් ගනු ලැබිය යුතු ය. ඒ අනුව එක ම ප්‍රතිචාර රටාවක් ශිෂ්‍යයන්ගෙන් අපේක්ෂා නො කළ යුතු ය. “මොකද ඔය අත්පුඩියක්වක් ගහන්නේ නැති ව-මුහුණේ හිනාවක් වත් නැතිව ඔහේ බලා ගෙන ඉන්නේ" ලෙස සිසුන්ට අපහාස නො කළ යුතු ය. සමහර ළමයි තමන්ට ආවේණික ලෙස ගීතය රස විදිති. ඒ ශෛලියත් අගය කිරීමයි, ගුරු යුතුකම විය යුතු.
අපේ එළිමහන් වේදිකා සංන්දර්ශනවල නිවේදකයන්ගෙන් මෙන් “කෝ කොළඹ/දෙහිවල/මොනරාගල කොල්ලන් කෙල්ලන්ගෙන් හූවක් නැත්තේ මොකදෝ...දෝ...දෝ...දෝ............... සද්දෙන් අප්පුඩියක් දෙමුදෝ...දෝ...දෝ.............. " වැනි වාචික චර්යා, පන්තියේ සිටින කැපී නො පෙනෙන ශිෂ්‍යයන් සම්බන්ධයෙන්, ගුරුවරුන්ගෙන් මතු නො විය යුතු ය. රාජ් කපුර් ගුරුවරයා මෙන්, ඔබේ ගීතය ඔබේ රටාවෙන් ආකර්ශණීය ව ගයන්න. ඔබේ පාඩම රසවත් ව කරන්න. ඒ ඒ ළමයා, ළමයාට ආවේණික ශෛලියෙන් ප්‍රතිචාර දක්වනු ඇත.
(ඇ) ගීතයේ තාලයට අනුව “චුක් චුක්" යනුවෙන් හඩ නගන අවස්ථා බලන්න (උදා-තත්පර 37 දී කාන්තාවන් තිදෙනා හා මිනිත්තු 2.00 දී/4.13 දී පිරිමින් හතර දෙනා). එහි දී ඒ ඒ ශිෂ්‍යයාට/ශිෂ්‍යාවට ආවේණික මුහුණු ශෛලි, අත-පය ඉරියව් සහ කටහඩ ශෛලි වේ. ඒ විවිධත්වය ද රසවත් ලෙස දැකීමට ගුරුවරුන් පුරුදු පුහුණු විය යුතු ය. එහෙයින් ගුරුවරුන් ලෙස, ශිෂ්‍ය ප්‍රතිචාරවල විවිධත්වය රස විද-අගය කර, ඒඒ විවිධ පදනම් අනුව, ශිෂ්‍යයන්ට ධනාත්මක ව ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වේ. ඒ සදහා ගුරුවරයකු ලෙස පුරුදුපුහුණු වීම හා ස්වකීය භූමිකාව වෙනස් කර ගැනීම යනු ක්‍රියාමූලික පර්යේෂණයක නිරත වීමකි.
(ඈ) මෙහි දී මට අන්තර්ජාලයේ හුවමාරු වූ චිත්‍රයක් මතක් වේ. "Teacher asked me to write essay on dog" යන “බල්ලකු ගැන රචනයක් ලියන්න" යන උපදෙස ශිෂ්‍යයාට තේරී ඇත්තේ "බල්ලාගේ ඇග උඩ essay යන පදය ලියන්න" ලෙස ය. මෙය ශිෂ්‍යයාගේ දොසක් නො වේ. ගුරු උපදෙසෙහි දොසකි. ඒ නිසා ඔබ නම් මේ ළමයාට "මැට්ටා" කියා දොස් නො තබන බව දනිමි. සැබවින් ම "මැට්ටකු ලෙස", නිසි ලෙස ගුරු භූමිකාව ඉටු කර නැත්තේ ගුරුවරයා නිසා ය.
(ඉ) 4.24 වන තත්පරය ඇරඹෙන විට, මුල දී කුලෑටි ව සිටි ශිෂ්‍යාව ඉදිරියට පැමිණ ඇග පත හසුරුවමින් නරඹන ඔබට, පන්තියේ එතරම් අවධානයට ලක් නො වූ ශිෂ්‍යාවකගේ සැගවුණු කුසලතා මතු වනු නිරීක්ෂණය කරන්නට නො හැකි වූ බව මම අනිවාර්යයෙන් ම දනිමි. විශේෂ නිපුණතා සහිත මේ ශිෂ්‍යාව දර්ශන තලයේ ඇත සිට, ස්වෙච්ඡාවෙන්, 4.15 වන තත්පරය ඇරඹෙන විට රගපාන අයුරු නිරීක්ෂණය කරන්න. මෙවන් සැගවුණු දක්ෂතා සහිත ළමයින්, ගුරුවරුන් වන අප අතින් මග හැරෙන බව නිසැක ය. අප අතින් ක්‍රියාමූලික පර්යේෂණ සදහා වන ගැටලු මග හැරෙන්නටත් මේ සුවිශේෂී නිරීක්ෂණ හැකියාව නොවීම හේතුවකි.
(ඊ) දැන් ගීතය කිසිසේත් අගය නො කරන පවුලක සාමාජිකයන් තිදෙනා ගැන සිතමු. මේ ආකාර ශිෂ්‍යයනුත් පන්තියක සිටින්නට පුඵවන. ඒ සදහා විවිධ සාධක බලපාන්නට පුඵවන. ගුරුවරයා කොතරම් දක්ෂ වුණත්, ශිෂ්‍යයාගේ විෂයයට ඇති අකැමැත්ත එක හේතු සාධකයක් විය හැකි ය. ඒ සුවිශේෂි ශිෂ්‍යයන් අපේක්ෂා කරන ගුරු භූමිකාව ද වෙනස් ස්වරූපයේ භූමිකාවක් වන්නට ඇත. මට මෙහි දී රාජේන්ද්‍ර කුමාර්, වෛජියන්තිමාලා සහ සිමි ගරේවල් රගපෑ චිත්‍රපට ගීතයක් මතක් වේ. එය ද නරඹා රස විදින්න. එහි සිමි ගරේවල් ගීතය ගයන විට, රාජේන්ද්‍ර කුමාර් හැරුණු විට අන් අය ඊට ආකර්ෂිත ව එය නරඹති; නටති. ගායිකාව කෙතරම් රූමත් වුණත් ගීතය කෙතරම් මිහිරි වුණත් රාජේන්‍ද්‍ර කුමාර්ගේ සිතේ මැවෙනුයේ වෛජියන්තිමාලා ගේ රූපයයි. ගීතය නිම වන විට ඔහු දර්ශන තලයෙන් ද පැන ගොසිනි. අපේ පන්තිවල සමහර ළමයින් පන්තිවලින් පැන යන්නාක් මෙනි. (ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාත් එසේ පාසලින් පැන ගිය ශිෂ්‍යයෙකි. අද අප මතකයේ සිටිනුයේ කේමදාසයන් මිස ඔහුට උගැන්වූ ගුරුවරුන් නො වන බව ද සිහි කරමු). චිත්‍රපටයේ ඊට බලපෑ හේතු හදුනා ගන්නට නම් මුඵ චිත්‍රපටය ම නරඹන්නට සිදු වනු ඇත. සමහර ළමයින් පාඩම්වලට අකැමැති හේතු හදුනා ගන්නට නම් ළමයාගේ මුඵ කතාන්තරය ම දැන ගන්නට අවශ්‍ය වේ. එයත් ක්‍රියාමූලික පර්යේෂණයෙහි පියවරකි.





2 comments:

  1. අදයි මේ බ්ලොග් එක දැක්කේ , කියවන්නට පහසු සරල ටෙම්පලේට් එකකට ගියොත් මොකද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මම මේ තාක්ෂණයට ආධුනිකයි. මට මෙය සකස් කරන විදිය තාම තේරෙන්නේ අඩුවෙනි. මා දැනට කැනඩාවේ මාස 6කට විතර තාවකාලික ව ඇවිත් ඉන්නේ. ඒ විවේකයෙන් තමයි සම්බන්ධ වුණේ. මේ ලිපි මුහුණු පොතෙත් දා තියෙනවා. ඔබ ලංකාවේ කොයි පළාතේ ද? මෙය සකස් කරන විදිය ගැන උපදෙසක් දුන්නොත් පින්.

      Delete