Friday 3 November 2017

කැනඩාවේ අත්දැකීම් (8) වෙනස් වන ගස්


කැනඩාවේ අත්දැකීම් (8)  වෙනස් වන ගස්  
මග දෙපස ද උයන්වල ද නිවෙස් මිදුල්වල ද වැවී හෝ වවා ඇති ගස්වල හැඩ විවිධ ය. වසන්ත ඍතුවේ ගත කළ මිමිසාගා පෙදෙස, සැප්තැම්බර් අග පමණ ශරත් ඍතුවට අවතීර්ණ වීමත් සමග,  අනුක්‍රමයෙන්  ගහකොළවල වර්ණ ද වෙනස් වන්නට විය. විවිධ හැඩ සහිත ගස්වල, හැඩය නිසා වූ විවිධත්වය තවත් විචිත්‍රවත් කරමින්, ශාඛ පත්‍ර ද විවිධ වර්ණවලට පරිවර්තනය වන්නට වූයේ ය.  වියඵණු කොළ ගසින් ගළවාලන්නට මෙන් ද වියළී බිමට වැටුණු ශාක පත්‍ර එක තැනකට එකතු කරන්නට මෙන් ද නො දන්වා මෙන් එක වර හමන සුළං පහර නිසා, ඒ ඒ ගස සතු පත්‍රවල ගණන ද අඩු වැඩි වී, ගස්වල විවිධත්වය තවත් විසම (විෂම නො වේ) වන්නේ ය. (ගහකොළවල විවිධ හැඩ සහ නානාප්‍රකාර වර්ණ, විවිධත්වයේ සංකේතයක් ද?  වෙනස් වන ගස් වෙනස් වන මනස් වැනි වේ ද?)















































No comments:

Post a Comment