Sunday 26 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (17) ප්‍රමාණාත්මක පර්යේෂණයට සාපේක්ෂ ව ගුණාත්මක පර්යේෂණය




අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (17) ප්‍රමාණාත්මක පර්යේෂණයට සාපේක්ෂ ව ගුණාත්මක පර්යේෂණය
ප්‍රමාණාත්මක පර්යේෂණයකට සාපේක්ෂ ව ගුණාත්මක පර්යේෂණයක පවතින මූලික වෙනස හදුනා ගන්නේ කෙසේ ද? පර්යේෂණ ගැන ඇල්ම ඇති වන පරිදි, ආධුනිකයනට මේ පැහැදිලි කිරීම මවිසින් wrUනුයේ මෙසේ ය.
(1) පළමු ව, ඔබ සැම විසින් හින්දි ගීයක් රස විදිනුයේ කෙසේ දැයි යනු ගැන මවිසින් පර්යේෂණයක් කරනු ලබන බවත් ඒ සදහා ගීතයක් ඔබ සැමට නරඹන්නට අවස්ථාව දෙන බවත් පවසමි.  ඔබ නරඹන නැත හොත් නිරීක්ෂණය කරන ගීතයේ රසය ගැන ඔබට ඇති වන ඕනෑ ම අදහසක් හෝ අදහස් මාලාවක් ලියන්නට යයි ද උපදෙස් දෙනු ලැබේ. මේ උපදෙස් වාචික ව මෙන් ම ලිඛිත ව ද ලබා දිය හැකි ය. ලිඛිත ව ලබා දෙන උපදෙසකට උදාහරණයක් මෙසේ ය.
මම සෙෘඛ්‍ය සේවයේ නියුතු වෘත්තිකයන් (හෝ) නිකවැරටිය අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් (අදාළ වැඩමුඵව අනුව වෙනස් කරනු ලැබේ) හින්දි ගීතයක් රස විදින අයුරු පිළිබද පර්යේෂණයක් කරමි. ඒ සදහා ඔබේ කැමැත්ත ලබා දෙන්න. පර්යේෂණයේ පියවරක් ලෙස ඔබට අසන්නට සලස්වන හින්දී ගීතය නරඹන්න. ගීතය රස විදීම පිළිබද ව ඔබට ඇති වන අදහස් ලියන්න.  ගීත රස විදීමට අදාළ ව ඔබට ඇති වන ඕනෑම අදහසක් ඕනෑම ශෛලියකින් ලිවිය හැකි බව සලකන්න. ඔබ ලියන අදහස් පර්යේෂණය සදහා පමණක් භාවිත කරන බව ද පර්යේෂණ ආචාරධර්ම අනුව පර්යේෂණය කරන බව ද දන්වමි.
 (2) අනතුරු ව “සීමා“ හින්දි චිත්‍රපටයේ මන්නා ඩේ විසින් ගයනු ලබන ගීතයක් නරඹන්නට සලස්වනු ලැබේ.  නැරඹූ පසු ගීතයේ රසය ගැන අදහස් ලියන්නට, සහභාගි වන්නන්ට ඔවුන්ට අවශ්‍ය වෙලාවක් ලබා දෙනු ලැබේ  (හැකි නම් ඔබත් ඔබේ අදහස් ලියන්න).

(3) සියලු දෙනා ම  අදහස් ලියා නිම වූ පසු ඊළග පියවරට එළැඹෙමි. ඒ අනුව මම මෙසේ පවසමි.
“මෙහි දී පර්යේෂක වසයෙන් මම, දත්ත ලබා දෙන ඔබ සැමට ලබා දිය යුතු දත්ත ගැන, කිසිදු සීමාවක් නොපැනවූයෙමි. මගේ පර්යේෂණ පරමාර්ථයට අනුව, ඔබට නිදහසේ දත්ත ලබා ෙදන්නට හෙවත් ලියන්නට ඉඩ ලබා දුනිමි. ඔබ ඒසේ  ලබා දුන් දත්තවල ස්වභාවය ෙකබදු දැයි දැන් ඔබට අවබෝධ වේ ද?  ඒවා ලියා ඇත්තේ වචන/වාක්‍ය/ඡේද ලෙස බව පැහැදිලි ද? එසේ ම ලියා ඇත්තේ ද එකිනෙකාට අදාළ වන පරිදි ය."
අනතුරු ව එකිනෙකා ලියා ඇති කරුණු කියන්නට යයි පවසා, එකිනෙකා ලියා ඇත්තේ නැති නම් අවධාරණය කර ඇත්තෙ කුමන පාර්ශ්වවලින් දැයි හදුනා ගනු ලැබේ. උදාහරණ ලෙස සමහරු ප්‍රධාන නඵවාගේ හෝ නිළියගේ රගපෑම ගැන ලියති. තව අය තමාට ගීතය ගැන ඇති වන හැගීම් ගැන ලියති. සමහරු ගීතයේ පද නොතේරෙන බව පවසති.  හින්දි දන්නා කෙනකු සිටිය හොත් පදවලින් ලැබුණු රසය ගැන කියනු ඇත. සංගීතය දන්නා කෙනකු සිටිය හොත් හේ ගීතයේ තනුව හෝ සංගීත මිශ්‍රණය ගැන කියනු ඇත.  තව අයකු මන්නා ඩේ ගේ පද උච්චාරණයේ විශිෂ්ටත්වය ගැන කියනු ඇත. මේ අනුව සහභාගි වන්නන්ගේ රස විදීමට අදාළ විවිධ පැති yදුනා ගන්නට ඉඩ ලැබේ. මේ අනුව පර්යේෂක නොහිතන පැතිවලින් දත්ත ලැබෙන්නට ද පුඵවන. මේ දත්ත ගුණාත්මක දත්ත වේ. හේතුව පර්යේෂකගේ බලපෑමෙන් තොර ව, සහභාගි වන්නන් (Participants)ගේ පවතින අවබෝධය අනුව දත්ත ලබා දුන් නිසා ය. ගුණාත්මක දත්ත අනතුරු ව කේතගත කර, සහහාගි වන්නන්ගේ අදහස් ධාරා විහිදෙන අයුරු සාරාංශ ගත කළ හැකි ය (ඔබ සැම මේ ගීතය ගැන ලියන කරුණු මවෙත එවන්නේ නම් ඒවා කේතගත කර විශ්ලේෂණය කරන අයුරු පැහැදිලි කළ හැකි ය).

(4) දේශනයේ දී මීළගට මම නැවත මෙසේ පවසමි. “ඔබ සැම විසින් හින්දි ගීයක් රස විදිනුයේ කෙසේ දැයි යනු ගැන මවිසින් නැවත පර්යේෂණයක් කරනු ලැබේ. ඔබ සැම මගේ පර්යේෂණයේ ආරම්මනගත නියැදිය (Purposive sample) ලෙස සලකනු ලැබේ. (එනම් මගේ අරමුණ ඔබ කණ්ඩායමේ ගී රස විදීම ගැන සෙවීම හෙයින්, ඔබ කණ්ඩායම මගේ අරමුණට ගැළපෙන ලෙස, පර්යේෂණයේ නියැදිය ලෙස තෝරා ගතිමි). පර්යේෂණය සදහා ගීතයක් ඔබ සැමට නරඹන්නට අවස්ථාව දෙමි.  ඔබ නරඹන නැත හොත් නිරීක්ෂණය කරන ගීතයේ රසය ගැන ඔබේ අදහස් පදනම් කර ගෙන, මා සකස් කර  ඔබට ලබා දෙන ප්‍රශ්නාවලියේ ව්‍යූහගත ප්‍රශ්න හතරට ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දැක්වීම සදහා ඔබට ගීතය නරඹන කාලයට අමතර ව  විනාඩි 4ක කාලයක් පමණක් ලබා ගත හැකි ය."
 ප්‍රශ්නාවලි‍යෙහි පිටපතක් ද බෙදා දෙනු ලැබේ (1 වන වගුව බලන්න). ප්‍රශ්නාවලිය කියවන්නට දී එහි අපැහැදිලි ස්ථාන ද ගීතය නැරඹීමට පෙර පැහැදිලි කර දෙනු ලැබේ. එහෙත් ලැබිය යුතු ප්‍රතිචාර මේවා යයි අගවන්නට කිසිදු ඉගියක් නොදෙන්නට ද වග බලා ගනු ලැබේ.
අනතුරු ව පෙර ගීතය ම නරඹන්නට අවස්ථාව දී ප්‍රශ්නාවලියට ප්‍රතිචාර දක්වන්නට අවස්ථාව දෙනු ලැබේ. ලැබෙන ප්‍රතිචාර එකතු කර සංඛ්‍යාවලින් නිරූපණය කළ හැකි බව ඔබ දන්නෙහි ය. එම සංඛ්‍යා දත්ත භාවිතයෙන් ප්‍රතිශත ගණනය කර විස්තරාත්මක සංඛ්‍යානය අනුව දත්ත විශ්ලේෂණය කළ හැකි ය.  කයිවර්ග පරීක්ෂාව භාවිතයෙන් අනුමිතික සංඛ්‍යාන විද්‍යාත්මක ව ද නිගමනවලට එළැඹිය හැකි ය.
(5) මෙහි දී වූයේ පර්යේෂකගේ අවශ්‍යතාව වූ කැමරාව චලනය වන ආකාරයට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා, ඒ අරමුණින් නියැදි සාමාජිකයන් ගීතය නිරීක්ෂණය කර, ප්‍රතිචාර දැක්වීම පමණී. මේ අනුව ප්‍රතිචාර දක්වන නියැදි සාමාජිකයන්ගේ අදහස්, පර්යේෂකගේ අවශ්‍යතාව අනුව ව්‍යූහගත කිරීමක් ප්‍රමාණාත්මක පර්යේෂණවල දී සිදු වෙයි. මේ අනුව ප්‍රධාන වනුයේ පර්යේෂකගේ ව්‍යූහගත කිරීම ය. නියැදියේ ප්‍රතිචාර ඒවාට සීමා විය යුතු ය.
කැමරාව චලනය වන අයුරු නිරීක්ෂණයේ දී එක නියැදි සාමාජිකයකුට,  ගීතයේ සුවිශේෂී ස්ථානයක් සිත් ගත්තේ යයි සිතමු. උදාහරණයක් ලෙස, දැරිවියක, ගීතය ගයන්නාගේ කලිසමේ දාරයක් නමන අයුරු ක්‍රමානුකූල ව කැමරාවට හසු කර  ගන්නා ස්ථානය ගත හැකි ය.  මේ ගැන නියැදි සාමාජිකයාට අදහස් ප්‍රකාශ කරන්න වුවමනා ව පැමිණිය ද ඒ සදහා ප්‍රමාණාත්මක පර්යේෂණයේ දී අවකාශ නැත. පර්යේෂකට එවන් අදහස්, ස්වකීය පර්යේෂණ අරමුණු අනුව වැදගත් ද නැත.

(ඉ) එක ම ගීතයට අවස්ථා දෙකක දී ප්‍රතිචාර දුන් ඔබට දැන් ගුණාත්මක හා ප්‍රමාණාත්මක පර්යේෂණ අතර වෙනසට අදාළ ලක්ෂණ පැහැදිලි වේ ද? (2 වන වගුව බලන්න)  


2 comments:

  1. ඔබේ දේශණ ශෛලිය අගය කරමි.පර්යේෂණ පිළිබදව ලබා දෙන දැනුම බෙහෙවින් අගය කරමි.

    ReplyDelete