Sunday 8 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (58) "ගොඵ" වූ වයස්ගත "හදවත්" ගැන පර්යේෂණ කරමු


1.      මිසිසාගා පන්සලේ දැන්වීම් පුවරුවක, සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්  තිබූ දැන්වීමකි. වයස්ගත වූවන් පිළිබඳ පර්යේෂණ ධාරාව අනුව, දර්ශනසූරි උපාධිය සඳහා කරන්නට යෝජිත පර්යේෂණයකට, දත්ත සැපයීම සඳහා. වයස්ගත වූවන්ගෙන් කරන ආරාධනාවක් එහි වේ. සංසිද්ධිවිද්‍යා පර්යේෂණ (phenomenological research)  ක්‍රමය අනුව පර්යේෂණය කෙරෙයි.  ශ්‍රී ලංකාවේ ද වයස්ගත ජනගහනය වැඩි වන රටාවක් ඇති නිසා, වයස්ගත වූවන් පිළිබඳ පර්යේෂණ කිරීම අවශ්‍ය වේ.
2.      ගොඵ හදවත නවකතාවේ සුගත්-දම්මි අන්දරයට පසුබිම් වූ සත්‍ය කතාව ගැන, ගී පද රචක සුනිල් සරත් පෙරේරා (2013 ජනවාරි 18 වන දින දිනමිණ පුවත්පතට ලියූ  ලිපියක්), කැනඩාවේ පළ වන  "යාත්‍රා"  යන සිංහල පත්‍රයේ 2018 ජූනි කලාපයේ නැවත පළ ව තිබේ. එහි "සැබෑ සුගත්", වයස්ගත කල ඔස්ට්‍රේලියාවේ හුදෙකලාව සිටි අයුරු ගැන සංවේදී ලෙස විස්තර වේ.  මෙවන් ලේඛන ද සන්ධාර විශ්ලේෂණ (content analysis) මෙන් ම මානව ක්‍රමවිද්‍යා පර්යේෂණ (ethnomethodology) ක්‍රම අනුව ද විශ්ලේෂණය කළ හැකි ය.

    - විදෙස් ගත වන වැඩිහිටියන් මුහුණ පාන අත්දැකීම් ගැන මෙන් ම, දරුවන් විදෙස් ගත වීම නිසා හුදෙකලා වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ අත්දැකීම් ද ගැන, "වයස්ගත වූවන් පිළිබඳ පර්යේෂණ සම්ප්‍රදාය" අනුව පර්යේෂණ කළ හොත් අගනේ ය.









3.  

No comments:

Post a Comment