Tuesday 31 July 2018

කැනඩාවේ අත්දැකීම් (81) බස්නැවතුම් පළක්


·         අධිවේගී මාර්ගවල ගමන් කෙරෙන බස්රථ නවත්වන ස්ථානයකි. ස්ථානයට ඇතුඵ වීමට සහ පිට වීමට, දෙපස ස්ථාන දෙකකි.  බස්රථවල සිටිනුයේ රියදුරු පමණී. ඔහු අසල ඇති යන්ත්‍රයට, මුදල් ගෙවිය හැකි කාඩ් පත ළං කර, ගමන් ඇරඹුම පෙන්වා, මගීන්ට ඇතුඵ විය හැකි ය. බසයෙන් පිට වන විට නැවත කාඩ් පත යන්ත්‍රයට ළං කර නිශ්චිත මුදල ගෙවිය හැකි ය. බසයෙන් බසින විට එම කාර්යය නො කළ හොත් ගමනාන්තය දක්වා ගමන් කළේ ය යන අදහසින් මුඵ මුදල ම අය කෙරේ.
·         නිශ්චිත වෙලාවට බස් පැමිණේ; පිටත් වේ. සමහර බස්වල සෙනඟ අඩු ය. තවත් බස්වල සිට ගෙන ගමන් කරන මගීන් ද දැකිය හැකි ය. තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ බස් ද වේ.
·         බස් නැවතුම් පළෙහි, කසළ දැමීමට ද නවීන ලෙස සැකසූ ස්ථානයක් වේ.

 








No comments:

Post a Comment