Sunday 8 July 2018

කැනඩාවේ අත්දැකීම් (71) පරෙවියන් සහ මිනිසුන්



1.      නයගරා දියඇල්ල අසල ගොඩනැගිල්ලක සුදු පැහැති වහල මුඳුනෙහි පරෙවියන් පෙළට වසා සිටි ක්‍රමානුකූල රටාව නිරීක්ෂණය කළෙමි (1- 5 වන රූප). වහලේ සැකසුම අනුව පරෙවි චර්යාව සැකසී ඇති බව පැහැදිලි ය. නයගරාව නරඹන්නට, විවිධ රටවලින් පැමිණි, විවිධ ජාති ආගම්වල මිනිසුන් වාඩි වී සිටින රටාවලත්  ගමන් කරන රටාවලිත් සමාන ලක්ෂණ ඇත. ඔවුන් ද අසුන් ගෙන සිටිනුයේ ගමන් කරනුයේ පරිසරයේ සැකැස්ම අනුව ය.
2.      ජූලි 1 වන දින කැනඩා ජාතික දිනයයි. එදින රටේ විවිධ තැන්වල ගිනිකෙළි සන්දර්ශන පැවැත්වෙයි. නයගරාව අවට ද ගිනිකෙළි සන්දර්ශනයක් පැවැත්වෙයි. නිවාඩු දිනයක් නිසා ඉතා විශාල පිරිසක් නයගරාව අසලට පැමිණ ඇත. කොළඹ සිට ගාල්ලට අධිවේගයේ ගමන පැයක් වුවත් දිගු නිවාඩු දින ලැබුණු විට වාහන තදබදය නිසා ගමන් කාලය පැය 3-4 වන්නා සේ, නයගරාවට ගමන ද පැය 2-3ක් පරක්කු වූ ගමනක් විය. දියඇල්ලට ඈතින් නැවැත්වූ රථවල සංචාරකයන්ට, දිය ඇල්ල ළගට එන්නට බස් රථ නොමිලේ සපයා තිබුණි. බසයට නගින්නට මිනිසුන් පොළිමෙහි සිටින විට, බස් නැවතුම අසල බිමෙහි පරෙවියකු නිදහසේ හැසිරෙනු දුටුවෙමි (6 වන වීඩියෝව).  මේ අනුව සිතෙන්නේ මිනිසුන් තාවකාලික ව නයගරාව බලන්න ආවත් පරෙවියන් ස්ථිර ව මෙහි ජීවත් වන බව ය.
3.      පරෙවියන් සමඟ බී.එෆ්. ස්කිනර්, චර්යාව ගැන කළ පර්යේෂණ  සිහියට නැගෙයි.  පරෙවියන්ට විවිධ කෑම දැමූ විට උන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන, උන් සමග සෙල්ලම් කරන අනාගත පර්යේෂකයන් විය හැකි, ළමයින් ද දකින්නට පුඵවන (7-8 වන වීඩියෝ).





No comments:

Post a Comment