Sunday 8 July 2018

කැනඩාවේ අත්දැකීම් (70) කැනඩාවේ සිට පෙනෙන ඇමරිකා එක්සත් ජනපදය



නයගරා දියඇල්ල නරඹන්නට යන විට, නයගරා ගඟට එහා ඉවුරෙහි ඇමරිකා එක්සත් ජනපදය දක්නට ලැබේ (1 වන වීඩියෝව). ඇ.එ.ජ.ට යා හැකි මාර්ග පෙන්වන පුවරු ද තැනින් තැන වේ (2 වන රූපය). කුරුලු රාජධානිය අසල සිට ද ඇඑජ භූමිය දැකිය හැකි ය (3 වන වීඩියෝව). නයගරාවේ ඇති දිය ඇලි තුනින් දෙකක්, නයගරා ගඟට ඇද හැළෙන්නේ ඇ.එ.ජ. භූමියේ සිට ය.  4 හා 5 වීඩියෝවලින්, නයගරා දියඇල්ලට ආසන්න ස්ථානයක සිට සහ මඳ දුරකින් සිට, දිය ඇලි තුන මෙන් ම ඇඑජ ද නරඹමු. ජුනි 1 වන දා කැනඩා දින යනුවෙන් නම් ව ඇති අතර, එදින රාත්‍රී 9.45 සිට ඇමරිකා ඉවුර ‍දෙසින් ගිනි කෙළි සන්දර්ශනයක් පැවැත්විණි. ඇඑජ භූමියේ සිට නිකුත් වන ගිනිකෙළි සන්දර්ශන මුසු වූ දියඇලි ද නරඹමු.  දියඇලි රාත්‍රියේ  දී, විවිධ ආලෝක ධාරා නිසා වර්ණවත් වී ඇති ආකාරය ද නරඹමු (6 වන වීඩියෝව). 


No comments:

Post a Comment