Friday 13 July 2018

කැනඩාවේ අත්දැකීම් (74) බලු-මිනිස් පුරුදු



.   Parent city  පුවත්පතේ 2018 ජූලි කලාපයට ලියූ Jane Muller ලේඛිකාව පවසන්නේ ගෙදර බලු සුරතලකු ඇති කරන විට ලබන අත්දඅකීම්, දරුවකු හදමින් දෙමාපියන් ලබන සම්පරීක්ෂණ පර්යේෂණ අත්දැකීම් හා සමාන කළ හැකි බවයි. බල්ලන් නිවසේ නො සිටියා නම් ඩොලර් 6000ක මුදලක් ඉතිරි කර ගන්න තිබුනා යයි ද ඇය පවසා ඇත. TVOkids රූපවාහිනී නාළිකාවේ සතුන් ගැන යන ළමා වැඩසටහනක, බල්ලකුට විවිධ පුරුදු ඇති කරන අයුරු පෙන්වනු ලැබේ (1 වන රූපය).
2.   මිසිසාගාවේ තැන තැන කසල දැමීම සදහා ඇති බදුන් දෙකකි. එකක් මිනිස් කසළ දැමීමට ය. අනෙක බල්ලන් ඇවිදින්නට රැගෙන යන විට, බල්ලන්ගේ මළපහ දැමීමට ය. ඒ බව බඳුන්වල ලිඛිත ව ද දැනුම්වත් කර තිබේ. මිනිසුන්, බල්ලන් සමඟ ඇවිදින විට කුඩා ඉටි බෑග් ද රැගෙන යන අතර, තමා සමග ගමනේ යෙදෙන බල්ලා මළ පහ කළේ නම්, ඒ මලුවලට ඒ මළ එකතු කර, අනතුරු ව බල්ලන්ගේ මළපහ දැමීම සඳහා වූ කසළ භාජනවලට දමනු ලැබේ. එහෙත් ඒ පිළිවෙළ බිද දමමින්, කැමති භාජනවලට ඔහේ බලු කසළ දමන අවස්ථා ද දක්නට ලැබේ (2- 3 රූප). ඒ අනුව බල්ලන්ට පුරුදු කියා දීම වෙනුවට සමහර මිනිසුන්ට පුරුදු කියා දීමට වැඩසටහන් සකස් කළ හොත් හොඳ ය.
3.  Canada's Fifty Plus Newsmagazine: Forever Young යන පුවත්පතේ 2018 ජූනි කලාපයට We need a dress code for dogs යන මැයෙන් ලිපියක් ලියන William Thomas, බල්ලාට හිරිහැරයක් නො වන සේ උෘට අන්ඳවන ඇඳුම ගැන අදහස් දක්වයි.  ලිපිය අවසන් කරනුයේ මේ රසවත් වාක්‍යයෙනි. "කනගාටුවෙන් වුවත් පැවසිය යුත්තේ තම සත්ත්ව සුරතලුන්ට ඇඳුම් අන්ඳවා මිනිසුන් පාරවල දිව යන්නේ ඇඳුම් නැති ව ය. නිරුවතින් යන මිනිසා තම සුරතලුන්ට ඇදුම් ඇන්දවීම, උත්ප්‍රාස අතරින් ඉහළ ම උත්ප්‍රාසය වන්නේ ය."


 




 

No comments:

Post a Comment