Wednesday 4 July 2018

කැනඩාවේ අත්දැකීම් (68) සමනල සංරක්ෂණාගාරය


නයගරාවේ උද්භිද උද්‍යානයේ (1 වන වීඩියෝව හා 1 වන රූපය) පිහිටි සමනල සංරක්ෂණාගාරයට ඇතුඵ වන ස්ථානයේ ප්‍රදර්ශිත පුවරුවලින් සමනලුන් ඇතුඵ විවිධ කෘමීන්ගේ අලංකාර රූප නිරූපණය වේ. සමනල සංරක්ෂණාගාරයේ විවිධ වර්ගවල ගසකොළ අතර විවිධ වර්ණවල, හැඩවල, ප්‍රමාණවල සමනල්ලු විවිධාකාර ලෙස සිටිති. සමනලුන් බෝ වී උපත ලැබ පිට වන ආකාරය දක්වන කුටියක් ද වේ. ඒ අතර උද්භිද උද්‍යානයේ ද සමනල සංරක්ෂණාගාරයේ ද විවිධ ජාතිවලට අයත් විවිධ වර්ණවල, හැඩරුවවල, තරුණ බාල මිනිස්සු ද විවිධ රටා අනුව ගැවසෙති. කුඩා ළමයින් දෙදෙනකු සමග ආ කාන්තාවක, ස්වකීය සැමියාගේ අවුල් වූ කොණ්ඩය දිගු කරලක් සේ මැනවින් ගොතනු අයුරු ද දක්නට ලැබිණි. එහෙත් මේ කාන්තාවගේ කොණ්ඩය කොටට කපා තිබිණි.  සමනල උද්‍යානය නරඹා අවසන් ව පිට වීමට තිබෙන කොරිඩෝවේ බිත්තියේ ද සමනලුන්ගේ රූප සහිත පුවරු දක්නට ලැබේ.
https://www.bing.com/search?q=butterfly+%2Fniagara+falls+ontario&pc=MOZI&form=MOZSBR යන වෙබ් අඩවියෙන් තවත් විස්තර කියවිය හැකි ය.   


















 

















No comments:

Post a Comment