Tuesday 31 July 2018

කැනඩාවේ අත්දැකීම් (83) ක්‍රැබ් ඇපල්වල පුනරාගමනය


2017 අගෝස්තු මස 20 වන දින කැනඩාවට පැමිණි විට ළමා උද්‍යානයක අවට තිබූ ගස් විශේෂයක, තද රතුපාටට පලතුරක් ඉදී බිම ද විසිරී තිබිණි.  ක්‍රැබ් ඇපල් නමින් හඳුනා ගත් මේ පලතුර ලබා දුන් රසය, විවිධ කාලගුණ විපර්යාස නිසා අතුරුදහන් වූ පලතුර සමග ම ටිකින් ටික මැකී යන්නට විය. දැන් නැවතත් ග්‍රීෂ්ම ඍතුවෙහි ආගමනය සමඟ ක්‍රැබ් ඇපල් පලතුර, පළ දරන්නට පටන් ගෙන ඇත්තේ ය. පලතුරු රසය නැවත මතක් කර ඒවා රස කරන්නට, ක්‍රැබ් ඇපල් ගස ආරාධනා කරන අතර ම, අවුරුද්ද  පිරුණු පසු නැවත ශ්‍රී ලංකාවට යන්නට කාලය ළං වෙන බව ද වක්‍ර ව මෙන් මතක් කරන්නේ ය.
ක්‍රැබ් ඇපල් ගස අසල ම තිබූ දම් පාට කොළ සහිත තවත් අලංකාර ගසක් නිතිපතා ඇස ගැටුණත් එහි ද කුඩා පලතුරක් ඇති බව හඳුනා ගන්නට ලැබිණේ ඊයේ ය.  මගේ නිරීක්ෂණ ශක්තියේ දුර්වල බව ගැන සිතමින් ඒ පළතුර ගැන සොයන විට විවිධ අනුමාන උත්තර හමු විය.  බුද්ධිණී රුහුණුහේවා මහත්මියවත් එහි නම පිළිබඳ ව අප ව දැනුම්වත් කරනු ඇතැයි සිතමි. 






 

No comments:

Post a Comment