Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (40) සංජානනය සහ පර්යේෂණය



පර්යේෂණ කරන්නේ කුමකට ද? යන්න සමහරුන්ගෙන් ඇසෙන ප්‍රශ්නයකි. "මා සේවය කරන ස්ථානයට අදාළ සියලු දේ මා දන්නවා නම්, ඒ කරන දේ ගැන කුමට පර්යේෂණ කරන්නේ ?" යනු ඒ සදහා නැගෙන තර්කයයි. මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි කාලයේ එහි සිටි සමහර උසස් නිලධාරින් මේ අදහස පළ කළ බව ආචාර්ය එස්.බී. ඒකනායක මහතා වරෙක මට පැවසී ය. මේ හා සමාන අදහස් දරණ නිලධාරිහූ අදටත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ව සිටිති.
පර්යේෂණ කිරීමට විවිධ හේතු තිබිය හැකි ය. එක හේතුවක් පමණක් පෙන්වමි. අප සංජානනය කරන දේ නිවැරදි ද යනු ගැන අපට ම ගැටලු මතු වන්නට පුඵවන. අධ්‍යාපන මනෝවිද්‍යාව උගන්වන විට සුලභ ව භාවිත කරන පළමු ව ඇති රූප හත දෙස බලන්න. ඒ රූපවලින් බැලූ බැල්මට දකින්නට ලැබෙන රූපය පමණක් දකින අධ්‍යාපන නිලධාරින්, පර්යේෂණ අනවශ්‍ය යයි කියන නිලධාරින්ට සම කළ හැකි ය. අප යමක් දුටු විට, වහා දකින දැයට අමතර ව, ගැඹුරින්- වැඩිදුර කල්පනා කර- විකල්ප රූප දකින නිලධාරින්ට පර්යේෂණ ඇසක් තිබේ.
ඕනෑ ම දෙයක් දෙස නව කෝණයකින් බලන විට, අමතර දර්ශන මතු වන බව මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත. අප එදිනෙදා කාර්යක්ෂම ව කරන කාර්ය දෙස වුණත් ගැඹුරින්- වැඩිදුර කල්පනාවෙන්-නව කෝණයකින් බලන විට අප නො සිතන දැ දකින්නට ලැබෙනු ඇත. පර්යේෂණ කිරීමේ අරමුණක් වන්නේ ද මේ නව දර්ශන සොයා බැලීම ය.
සරල නමුත් ගැඹුරු උදාහරණයක් ගනිමු. අපි ලෙඩුන්-මහල්ලන්-මළකඳන්- පැවිද්දන් කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් ඒ ගැන අමුතු දැක්මකින් බලන්නට පුරුදු වී නැත්තෙමු. අමුතු ඇසකින් මේ සිද්ධිය විශ්ලේෂණය කළ සිද්ධාර්ථ කුමාරයට, නව දර්ශනයක් සොයා ගැනීමට පදනම සකසා ගත හැකි විය.
දැන් මුහුණු පොතේ පළ වූ සිසුන්ට සහ ගුරුවරුන්ට සම්බන්ධ විවිධ රූප නවය විග්‍රහ කර බලන්න. ඒවායින් උත්පාදනය වන විකල්ප අදහස් ද විග්‍රහ කරන්න. 17 වන රූපයෙන් කඵලෑල්ල ගැන ගෙනෙන නව අදහස ද බලන්න.

























No comments:

Post a Comment