Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (61) නැති වූ පූසා සොයා දුන හොත් තෑග්ගක්



කැනඩාවේ නිවෙස්වල බල්ලන් සහ පූසන් ව, පවුලේ සාමාජිකයන්ට මෙන් සලකා ඇති දැඩි කරනු දක්නට ලැබේ. වෙසෙසින් පාරට පිවිසි පසු දක්නට ලැබෙනුයේ සුරතලට ඇති කරන කුඩා -ලොකු ප්‍රමාණයේ බල්ලන් ය. කුඩා සිරුරු ඇති අය ලොකු ප්‍රමාණයේ බල්ලන් ද ලොකු සිරුරු සහිත අය කුඩා බල්ලන් ද රැගෙන පාරේ ගමන් කරනු ද දක්නට ලැබේ. එනිසා මිනිසාගේ සිරුරේ ප්‍රමාණය සහ ඇති කරන්නට තෝරා ගන්නා බල්ලාගේ සිරුරේ ප්‍රමාණය අතර සම්බන්ධයක් ඇත්දැයි කුතුහලයක් ද ඇති විය.  අන්තර්ජාලයට පිවිසි විට බල්ලන්-පූසන් පිළිබඳ රෙගුලාසි ද පර්යේෂණ ද ගැන කරුණු දක්නට ලැබේ (උදා- Cats in Canada 2017: A Five-Year Review of Cat Overpopulation(Read more at: https://www.humanecanada.ca/cats_in_canada_2017). 
පූසන් මිනිසුන් කැටුව මහමග යනු එතරම් දකින්නට නැත.  එහෙත් උද්‍යානයක් අසල දැන්වීමකින් පූසන් ගැන කියැ‍වුණු පණිවිඩ දෙකක් නිසා පූසන් ගැන රූප පළ කරන්නට සිතුවෙමි.   මිනිස් සහ බලු අපද්‍රව්‍ය බඳුන් අසල මේ දැන්වීම් තිබීම විශේෂ ලක්ෂණයකි. බලු අපද්‍රව්‍ය බඳුන් වෙන ම තිබීමත්, එක අතකින් බල්ලන්ට කරන සැලකීමේ ලක්ෂණයක් ලෙස දකිමි. 





No comments:

Post a Comment