Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (55) ඩැන්ඩිලයන් මල් දවස ගෙවන අයුරු



1.     අද කැනඩාවේ මිසිසාගා පෙදෙසට ඉර පායන්නේ උදය 5.45 ට ය. ඉර බසින්නේ සවස  8.46 ට ය. මේ නිසා පැය 15ක් පමණ දිවා ආලෝකය පවත්නේ ය. පැය 12 බැගින් සම සම ව දිවා - රෑ කාල පමණක් අත්දැක ඇති නිසා මට මෙය නව අත්දැකීමකි.  
2.       උදේ 6.00ට පාර-අතුරුපාර දෙපස තණ පිටිවල ඩැන්ඩිලයන් මල් පිපී නො තිබුණි. හිරු ඉහළ ආකාශයට ගමන් කරද්දි ක්‍රමයෙන් මල් ද පිපෙන්නට පටන් ගන්නේ ය.  මල් නො තිබූ ස්ථානවල, උදේ 10.00ට වන විට ඩැන්ඩලියන් මල් පිපි අසිරිය විහිදන්නට විය.  සවස 4.00 වන විට,  ඩැන්ඩිලයින් මලේ ම විකාශනයක් ලෙස, සුදු පාටට දිස් වන මල් වෙසෙසක් ද මතු ව තිබුණේ ය. නැවත රාත්‍රී 8.45 වන විට මල්වල ප්‍රමාණය අඩු වන්නට පටන් ගත්තේ ය.















3.       ස්වභාවික පරිසරයේ වන මේ සෙෘන්දර්යාත්මක වෙනස්කම් නො දැක, සිගරට් පෙට්ටි ද වතුර-තේ-කෝපි පානය කරන්නට භාවිත කළ කෝප්ප-බෝතල් ද, ඒවා දමන්නට ඇති අදාළ තැන නො දමා, ඉබාගාතේ විසි කරන, මිනිසා නම් නො දියුණු සතකු  පරිසරයේ ගැවසෙන බවට සාක්ෂ්‍ය ද හමු වේ.

No comments:

Post a Comment