Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (52) විවිධ දෘෂ්ටිකෝණවලින් දකිමු



1.       නයගරා දිය ඇල්ලේ විශේෂත්වයක් වනුයේ කැනඩාවේ සිට මෙන් ම ඇමරිකා එක්සත් ජනපදයේ සිට ද එය නැරඹීමට හැකි වීම ය. එහෙත් මා එය නරඹා ඇත්තේ කැනඩාවේ සිට පමණී.
2.       නයගරා දිය ඇල්ලේ තව විශේෂත්වයක් වනුයේ ගිම්හාන කාලයේ දකින නයගරා දිය ඇල්ලට වෙනස් ලක්ෂණ සහිත ව ශිත ඍතුවේ දී නයගරාව දකින්නට හැකි වීම ය. මේ ද්විවිධාකාර දැක්මවලින් ද මා දැක ඇත්තේ හිම්හාන කාලයේ නයගරාව පමණී.
3.       දිවා කල දකින නයගරාවට වෙනස් ලක්ෂණ සහිත නයගරාවක් රාත්‍රි කල දකින්නට පුඵවන. රාත්‍රි කල විදුලි ආලෝකයෙන් එළි වූ නයගරාවේ අමුතු ලස්සනක් ඇත. මේ දැකුම් දෙක නම් මම නිරීක්ෂණය කළෙමි.
4.       දැන් ගිම්හානයේ දිවා කල මා දුටු නයගරාව (1-7  වන ඡායාරූප) සහ රාත්‍රි කල නැරඹු නයගරාව (8-11  වන ඡායාරූප) සසඳමු.  එම දෙයාකාර ඡායාරූප සමූහය, ශිත කාලයේ නයගරාව  නැරඹූ සුරංගනී නැගණිය ගත් ඡායාරූප (12-16  වන ඡායාරූප) සමග ද සසඳා බලමු.
5.       විවිධ ලෙස දැකීමට හැකි වීමත් බුද්ධියේ ලක්ෂණයකි. එහෙයින් නයගරාව, බුද්ධි සංවර්ධනය සඳහා පදනම් කර ගත හැකි මූලාශ්‍රයක් ලෙස අගය කරමු.
















No comments:

Post a Comment