Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (57) මැතිවරණ අපේක්ෂකයන් දෙපළක්


ඔන්ටාරියෝ පළාත් මැතිවරණයක් පවත්වන්නට යන වග නිවසට ලද ප්‍රචාරක පත්‍රිකා දෙකකින් දැන ගතිමි.  පත්‍රිකා දෙකින් නිරූපණය වූ (ශ්‍රී ලංකාවේ අපේක්ෂකයන්ට අවංක ව කිසිසේත් සඳහන් කළ  නො හැකි) ලක්ෂණ මෙසේ ය.
1.       අපේක්ෂකයා සහ පවුල ගැන ධනාත්මක විස්තරයක් අපේක්ෂක විසින් ම ලියා තැබීම
A.      උදා-  දීපිකා දමෙලා- මිසිසාගාවෙ දිගු කලක් ජීවත් වූ අභිමානවත් මවක ලෙස දීපිකා, වෘත්තිය සහ පවුල් ජීවිතය සමබර කරමින් නියමානුකුල නාගරික ජීවිතයක් ගෙවන්නී ය.     B.  කාලීඩ් රාෂීඩ්-  14 වර්ෂයක් ඔහු සොෆියා නම් ස්වකීය බිරිදට ආදරණීය සැමියෙකි. ලස්සන දරුවන් තිදෙනකුගේ පියෙකි. මා සිටින මේ ප්‍රදේශය, ජීවත් වීමටත් වැඩ කිරීමටත් පවුලේ දියුණුව සඳහාත් වැදගත් ස්ථානයකි.
2.       ඡන්දදායකයා අමතන ලිපියකින් රටේ දර්ශනය සහ ස්වකීය දර්ශනය කැටි කර දැක්වීම
 A.උදා- දීපිකා දමෙලා- - හිතවත් අසල්වැසියනි, කැනඩාවේ සදාකාලික දර්ශනය වනුයේ ඔබ මහන්සි වී වැඩ කළ හොත්, ඔබට ඉදිරියට යා හැකි බවයි. උත්සාහ දැරිය හැකි නම් ඕනෑම අයකුට, සාර්ථකත්වය ලැබිය හැකි රටකි. එහෙත් මහන්සි වී වැඩ කරන විට ඉතා හොඳ ප්‍රතිඵල ලැබිය හැක්කේ, පරිසරයේ සමාන අවස්ථා ද ක්‍රීඩාවේ නීති සාධාරණ ව ද සැමට සමාන අවස්ථා ද තිබුණ හොත් පමණකැයි මම දනිමි. 
මම දේශපාලනයේ සිටිනුයේ, අපේ රටේ අප ක්‍රියා කරන පරිසරයේ සමාන අවස්ථා තිබෙන බවට, තහවුරු කිරීමට රජයට භාරධුර භූමිකාවක් තිබෙන නිසා ය.  කැනඩාවේ ස්වකීය සිහිනය  පසුපස යාමට, සැමට සාධාරණ සහ සම අවස්ථා තිබෙන ඔන්ටේරියාවක් සදහා ය.
මා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒ නිසා ය.
B.      කාලීඩ් රාෂීඩ්-  අප මහජනයාට පළමු ස්ථානය ලබා දෙන වෙනසක් සදහා සහාය දෙමු. වඩා හොද දෑ ඉල්ලමු.
3.       කළ වැඩ සහ කරන්නට සිටින වැඩ සුවිශේෂ ව දැක්වීම
4.       ශාස්ත්‍රපති උපාධිධාරින් වීම







 

No comments:

Post a Comment