Thursday 21 June 2018

කැනඩාවේ අත්දැකීම් (63) බලු සුරතලුන් සමග අන් සතුන් නරඹන මිනිසුන්.



1. කැනඩාවේ සමහර නිවෙස්වල බල්ලන් ද නිවසේ සුරතලුන් ය. නිවෙස් හිමියන්ගේ කාලසටහනේ, බල්ලන් එළිමහනේ ඇවිද්දවීමට කාලයක් ද වෙන් කර ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. කැනඩා නීතිය අනුව ද නිශ්චිත වෙලාවක් බල්ලන් එළිමහනට කැටි ව යා යුතු ය. නිවෙස් සාමාජිකයන්ට අවකාශ නැති නම්, එළිමහනේ බල්ලන් ඇවිද්දවීම, රැකියාවක් ලෙස කරන අය ලවා කරන අය ද සිටිතැයි අසන්නට ලැබිණි. ළදරුවකු ළමයින් ගෙන යන කරත්තයේ තබා තල්ලු කර ගෙන තවත් ළමයකු ද පයින් කැඳවා ගෙ බලු සුරතලකු ද සමග පාරේ ගමන් කරන කාන්තාවන් ද නිරීක්ෂණය කළ හැකි ය. මේ ජීවින් තිදෙනා, මහපාරේ දී වෙළෙඳ සැලේ දී කළමනාකරණය කිරීමේ ලා කාන්තාව සතු නිපුණතාව ගැන පර්යේෂණයක් කළ හොත් අගනේ ය.
2. හයි පාර්ක් (High Park) යන ස්ථානයේ ඇති සත්ව උද්‍යානයේ සතුන් නැරඹීමට ද සමහරුන් පැමිණ සිටියේ බලු සුරතලුන් සමග ය.
3. මේ කරුණු අනුව බල්ලා යනු කැනඩා සංස්කෘතිය අනුව විශේෂ වරප්‍රසාද ලත් සතුන් කොට්ඨාසයක් බව හැඟෙයි.


























No comments:

Post a Comment