Thursday 21 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (49) පියවරුන්ගේ දිනය ඉලක්ක කර ගත් අන්වායාම පර්යේෂණ කුසලතා


2018 ජූනි 14 වන බ්‍රහස්පති දා පාසල් ගිය 1 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, පාසල අවසන් ව නිවසට එන විට, පෝච්චියක පැළ වූ පැළෑටිය බැගින් ගෙන ආහ. ජූනි 17 වන ඉරිදා පියවරුන්ගේ දිනය බවත් එදින පියවරුන්ට තෑගි දීමට එය ගෙනා බවත් දැන ගතිමි. තවදුරටත් කරුණු සොයන විට පැහැදිලි වූයේ මීට මසකට පමණ පෙර,  පාසලේ  දී ඇට පැළ කළ බවත්  එය ක්‍රමානුකූල ව වැඩෙන අයුරු නිරීක්ෂණයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ව විටින් විට යොමු කර ඇති බවත් ය. මෙසේ වැඩුණු පැළ, බ්‍රහස්පති දා වෙන වෙන ම භාජනවල සිටුවා ගෙවල් වෙත එවනු ලදුයේ, ඉරිදාට ඒවා පියාට පරිත්‍යාග කරනු පිණිස ය.
මේ ක්‍රියාකාරකම, සාම්ප්‍රදායික ව සමරනු ලබන විවිධ "දින", ශිෂ්‍ය නිපුණතා ඔප් නංවන අරමුණින් සංවිධානය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි ය. මෙය ඍතු භේදය සහිත කැනඩා පාසලකට උචිත වනුයේ, එමගින් පැල වැඩෙන්නට හොඳ පරිසරයක් ඇති ග්‍රීෂ්ම ඍතුවේ කළ හැකි ක්‍රියාකාරකමක් නිසා ය. එමගින් පරිසරයේ ගහකොල ගැන ශිෂ්‍ය අවධානය ද යොමු කෙරෙයි.  අන්වායාම ව (longitudinally) (එනම් එක ම කරුණක් ගැන දිගු කලක් දත්ත රැස් කිරීම) පැළයක වැඩීම නිරීක්ෂණයට ද ශිෂ්‍යයන් ව යොමු කර, ඔවුන්ගේ අනාගත අන්වායාම පර්යේෂණ (longitudinal research) කුසලතා ඔප් නැවීමට ද පදනමක් දමා ඇත්තේ ය.
ලිවීමේ කුසලතා ඔප නන්වන්නට ද ක්‍රියාකාරකම භාවිත කර තිබේ.  







No comments:

Post a Comment