Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (59) වෙසක් උත්සව දින පිළිම නෑවීමේ චාරිත්‍රය- 3



2018 මැයි 27 වන දා මිසිසාගා උප නගරයේ celebration squire නම් ස්ථානයේ, වෙසක් උත්සවය පැවැත්වූ වේදිකාව ඉදිරියේ වූ පිළිමවල වම්පසට සතර වරක් ජලය වත් කිරීමේ බෙෘද්ධ චාරිත්‍රයක සමහර බැතිමතුන් යෙදී සිටිනු නිරීක්ෂණය කළෙමි. මෙහි අර්ථය නම් කුමක් දැයි නො දනිමි.
ශ්‍රී ලංකාවේ ද පන්සල්වල බොධිය වටා, විශේෂයෙන් සකස් කළ ස්ථානවලට කළවලින් වතුර වක් කිරීමේ චාරිත්‍රයක් වේ. මා පළමු වරට මේ චාරිත්‍රය දුටුවේ, ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයට බැදුණු පසු, වයස 35 දී, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා අංශයේ මා මිත්‍ර මාකෙහෙල්වල යූ. කේ.ජී. පුංචිබණ්ඩා සමග බෙල්ලන්විල පන්සලට ගිය අවස්ථාවක දී ය. එනිසා එය මට අලුත් අත්දැකීමක් විය. ඒ අත්දැකීම මතක් කළ මේ අත්දැකීමත් බෙහෙවින් ම අලුත් ය.




 

No comments:

Post a Comment