Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (53) පන්තියේ වාර්ෂික ඉලක්ක සහ අනාගත සමාජ ඉලක්ක



1.      මට නිරීක්ෂණය කරන්න ඉඩ ලැබුණු පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ මැද කොරිඩෝවකි. දෙපස පන්ති කාමර ය. ඒ ඒ පන්තිකාමරය ඉදිරියේ ඇති පුවරුවෙහි, ගුරුතුමා හෝ ගුරුතුමිය විසින් පන්තිකාමරයේ වාර්ෂික ඉලක්ක සංකේතාත්මක ව නිරූපණය කරනු ලැබ තිබේ. ඉලක්කය, හුදු ධනාත්මක ව විහිදෙන  රේඛාවකින් ම සමන්විත නො වේ. වර්ෂයට අදාළ ව නිරත වන ඉගෙනුම් ගමනේ දුෂ්කරතා අනුව, ඉලක්කය කරා යන ගමන ජයග්‍රහණ මෙන් ම පසුබැසීම් ද සහිත බව නිරූපණය කර ඇත.  මේ ගමනේ දී විශිෂ්ට කුසලතා පෙන්වන සිසු සිසුවියන්ගේ නිර්මාණ ද, පුවරුවෙහි ඒ ඒ කාලවකවානුවල ප්‍රදර්ශනය කරනු ලැබේ (1-2-3 වන රූප).
2.      පාසලේ තව තැනක ඇති පුවරුවේ දැක්වෙන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතය ගැන සිතන්නට ඉඩ දෙන පෝස්ටරයකි. "ඔබ මතකයේ රැඳෛන්නට කැමති කවුරුන් ලෙස ද?" යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඇසෙන ප්‍රශ්නයට,  ප්‍රතිචාර ලෙස දක්වන්නට හැකි ධන සහ ඍණ ප්‍රතිචාර බලන්න.
ධන ලක්ෂණ= කරුණාවන්තයකු ලෙස - උදව් කරන්නකු ලෙස - ගරු කරන්නකු ලෙස - නිර්භීත අයකු ලෙස -වීරයකු ලෙස - මිතුරකු ලෙස - අඹ යහඵවකු ලෙස -
ඍණ ලක්ෂණ= ඕපාදුප කියන්නකු ලෙස - දාමරිකයකු ලෙස - තර්ජනය කර බය ගන්වන්නකු ලෙස - සරදම් කරන්නකු ලෙස - ලොකුකම පෙන්වන්නකු ලෙස - රිදවන්නකු ලෙස - අහළ පහළට වැද්ද නොගත යුත්තකු ලෙස-කුඩුකේඩුකාරයකු ලෙස
3.  දැන් අපට අප ගැන ම, අපේ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන, අපේත් ශිෂ්‍යශිෂ්‍යාවන්ගේත් අනාගතය පදනම් කර ගෙන  සිතන්නට අවස්ථාවයි. 



 

No comments:

Post a Comment