Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (43) බුදු දහමින් පෝෂිත ව තිබූ නූතන පර්යේෂණ සංකල්ප



2018 මැයි මස 20 වන ඉරු දින කැනඩාවේ මිසිසාගා උපනගරයේ පිහිටි බෙෘද්ධ විහාරයේ වෙසක් උත්සවය පැවැත්විණි. නියමිත පෝය දින ආගමික වැඩසටහන්, ඉරු දින පවත්වනුයේ, පෝය දින නිවාඩු නො ලබන කැනඩා ජාතිකයන්ට සහභාගි වීමේ පහසුව නිසා ය. 19 වන දින ශ්‍රී ලංකාවේ සිට පැමිණ මඳක් වෙහෙස ගතියක් දැනුනත්, උදේ 9.00 සිට සවස 8.00 දක්වා පැවති විවිධ වැඩසටහන්වලට සහභාගි වීමෙන් අපූරු තෘප්තියක් ලැබීමට එක් හේතුවක් වූයේ ආචාර්ය සරණපාල ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබූ ධර්ම දේශනාවේ දී අවධාරණය වූ නූතන පර්යේෂණ සංකල්ප සහ ඒවා බෙෘද්ධ දර්ශනයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ ගැඹුරු විග්‍රහ නිසා ය. ඒවා මෙසේ කෙටියෙන් දක්වමි.
සුසමාදර්ශ පිණුම (Paradigm Shift)- උදාහරණය මෙසේ ය. සිද්ධාර්ථ කුමරු සිරුරට දුක්දීමේ සාම්ප්‍රදායික ක්‍රමය හෙවත් බාහිර දෑ කෙරේ තිබූ විශ්වාසය (Extrovert) අත හැර, ආනාපාන සති භාවනාව මුල් කර ගත් මනස අභ්‍යන්තරය (Introvert) කෙරේ යොමු වූ ක්‍රම වේදය තෝරා ගැනීම
ප්‍රත්‍යවේක්ෂණය (Reflection)- ක්‍රියාමූලික පර්යේෂණයේ දී ද අප භාවිත කරන සංකල්පයකි.
අප අන් අය ගැන නො ව, අප ගැන ම පර්යේෂණ කළ යුතු ය.- (We cannot conduct action research on others. We have to do action research on ourselves යන ක්‍රියාමූලික පර්යේෂණ ගැන S. Kemmis කළ ප්‍රකාශය මට මතක් වේ.
https://www.facebook.com/bhante.saranapala
Bhante Saranapala was live. යන මුහුණු පොත් පිටුවට ගොස් ඔබ සැමට සම්පූර්ණ ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැකි ය. (Dhamma talk in Sinhala 👌on “Paradigm Shift” -Buddha’s major contribution to the society for liberation from suffering 🙏 Live from West End Buddhist Temple and Meditation Centre, Mississauga/Toronto, Canada )
බංග්ලාදේශ ජාතික සරණපාල ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකාවේ දී ඉගෙන ගෙන මැනවින් සිංහල බස හසුරුවන, මහනුවර ද කලක් වැඩ සිටි ස්වාමින් වහන්සේ නමකි.
මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන විට, මා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි විවිධ තලවලට පැවැත්වූ පර්යේෂණ වැඩමුඵවල අවධාරණය කළ තේමා, ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගන්නට අවකාශ ලැබුණු බව ද සතුටින් පවසමි.








No comments:

Post a Comment