Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (59) 2018 වෙසක් උත්සවයේ සමරු කලඹ සහ ප්‍රදර්ශන කුටි- 2



2018 මැයි 27 වන දා මිසිසාගා උප නගරයේ celebration squire නම් ස්ථානයේ බෙෘද්ධ සිද්ධස්ථාන සහ බෙෘද්ධ සමාජ 25ක සහභාගිත්වයෙන් වෙසක් උත්සවය සමරන ලදී. වෙසක් උත්සවය සදහා නිකුත් කළ කෘතියට, වෙස්ට් එන්ඩ් බෙෘද්ධ විහාරය සහ භාවනා මධ්‍යස්ථානයෙහි අධිපති කුඵගම්මන ධම්මාවාස ස්වාමින් වහන්සේගේ පණිවිඩයේ සදහන් වන පරිදි, වර්ෂ 7ට පෙර ඇරඹි, වෙසක් උත්සවයේ අපේක්ෂාව වනුයේ විවිධ ආගම් ද බෙෘද්ධාගමේ විවිධ ගුරුකුල, මතවාද, සංස්කෘතික සම්ප්‍රදාය, ඇදහිලි ද උත්තරායනයෙන් බෙෘද්ධ දේශනාව බැබළවීම ය. කැනඩා අගමැති නිකුත් කළ පණිවිඩයෙහි සදහන් කර තිබූ අදහසක් මෙසේ ය.
"මෙවන් උත්සව අපට මතක් කර දෙනුයේ, විවිධත්වය අපේ විශිෂ්ටතම ශක්තිය බවයි. මිනිස් වර්ගයාගේ සාමය සහ එකමුතුව සදහා වූ බුදුන් වහන්සේගේ පණිවිඩය,  විශ්වීය වේ. එය සියලු විශ්වාස අදහන අයට අගය කළ හැකි පණිවිඩයකි."   
බෙෘද්ධ දර්ශනය අදහන-පැවතෙන විවිධ රටවල ජනතාවගේ විවිධ සංස්කෘතික ලක්ෂණ මැනවින් නිරූපණය වූ අංගයක් ලෙස උත්සවය ආරම්භයේ පැවැත්වූ පෙරහැර සැලකිය හැකි ය. නාගරික පරිසරයේ විවිධ ගොඩනැගිලි සහිත පසුබිමෙහි නිරූපිත පෙරහැරේ විවිධ අවස්ථා  ද උත්සවයේ සහ ප්‍රදර්ශන කුටිවල විවිධ ඡායාරූප නරඹමින්, වෙසක් උත්සවයෙන් නිරූපිත කැනඩා දර්ශනය තේරුම් ගනිමු.
වෙසක් උත්සවයට අදාළ තවත් අගනා දර්ශන, West End Buddhist Temple and Meditation Centre යන මුහුණු පොත් පිටුවෙන් ද නැරඹිය හැකි ය
































No comments:

Post a Comment