Monday 11 June 2018

කැනඩාවේ අත්දැකීම් (58) ළමා පොත්වලට පදනමක්



පුස්තකාලයෙන් ලබා ගත් ළමයින්ට කියවීම සදහා වූ පොත් කීපයක ම, පසු පිටෙහි ඒවායේ ප්‍රකාශයන් විසින්, ස්වකීය ළමා පොත් මාලාවල පදනම සහ පොත අදාළ ළමයාට සම්බන්ධ මට්ටම් ගැන අදහස් සරල ව දක්වා තිබේ.
(1) ශ්‍රේණි ද සදහන් කරමින් පොත්වලට අදාළ මට්ටම් සදහන් කළ World of reading යන පොත් මාලාවේ අදියර මෙසේ විය.
1 වන මට්ටමට පෙර අවධිය - කියවීමට පුහුණු වන ළමයා - පෙරපාසලට පෙර සහ පෙරපාසල් අවධිය
(සරල පදමාලාව, පද නැවත නැවත සදහන් වීම, කෙටි සරල වාක්‍ය)
1 වන මට්ටම- ආරම්භක ව කියවන ළමයා - පෙරපාසලට පෙර සිට 1 වන ශ්‍රේණිය
(සරල පෙළ - පද නැවත නැවත සදහන් වීම)
2 වන මට්ටම- කනිෂ්ඨ කියවන්නා - පෙරපාසල් අවධිය සිට 2 වන ශ්‍රේණිය
(සරල කතා - සංකීර්ණ වාක්‍ය- සංක්ෂේපය)
3 වන මට්ටම- සුපිරි කියවන්නා -1 වන ශ්‍රේණිය සිට 2 වන ශ්‍රේණිය
(ඡේද- දෙගිඩියාව සහිත කතා- චරිත සංවර්ධනය)
(2) Read and seek යන පොත් මාලාවට පදනම වූ මට්ටම් මෙසේ ය.
1 වන මට්ටමට පෙර අවධිය - පළමු වරට කියවන ළමයා- 30-100 දක්වා පද ඇත. A B C යන අක්ෂර සහ මුලින් ම භාවිත වන පද අඩංගු ය.
1 වන මට්ටම- ආරම්භක ව කියවන ළමයා- 50-250 දක්වා පද ඇත. නිතර දකින පද- ශබ්ද කළ යුතු පද-සරල වාක්‍ය
2 වන මට්ටම- කියවීම සංවර්ධනය වෙමින් සිටින ළමයා- 250-750 දක්වා පද ඇත. නව පදමාලාව සහ වඩා දිග වාක්‍ය
3 වන මට්ටම- කියවීම වර්ධනය කර ගැනීමට කියවන ළමයා- 700-1500 දක්වා පද ඇත. ප්‍රබෝධය සහ තොරතුරු සඳහා කියවීම
(3) I can read පොත්මාලාවට අදාළ මට්ටම් මෙසේ ය.
මගේ පළමු පොත -- කියවීම අරඹන ළමයින්ට උචිත ය
1 ----- කියවීමට උනන්දුවක් දක්වන අලුතින් කියවන ළමයින්ට සරල වාක්‍ය
2 ----- කියවීම සංවර්ධනය වෙමින් සිටින ළමයින්ගේ ඉහළ අභිරුචිය ඇති කරන කතාන්තර
3 ----- කියවීම ස්ථාවර වූ ළමයින්ට සංකීර්ණ කතා වස්තු
4 ------ පරිච්ඡේද සහිත පොත් සදහා පරිසමාප්ත පාලමක්











No comments:

Post a Comment