Monday 11 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (41) ප්‍රතිපත්ති පර්යේෂණ



ප්‍රතිපත්ති පාදක ඉදිරි දැක්මක් ශ්‍රී ලංකාවට අවශ්‍ය ව තිබේ. රටේ සංවර්ධනයට උචිත ප්‍රතිපත්ති හඳුනා ගැනීමට ප්‍රතිපත්ති පර්යේෂණ කළ හැකි ය. ප්‍රතිපත්ති පර්යේෂණවලට අදාළ නීති හතක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

1. ප්‍රතිපත්ති මිස දේශපාලනය විශ්ලේෂණය නො කරන්න.  Rule 1: Analyze policy, not politics
2. සරල වන්න.  Rule 2: Keep it simple
3. ප්‍රතිපත්තිය සඳහා වන තර්කයත් ප්‍රතිපත්තියෙහි පදනම් රේඛාත් සංනිවේදනය කරන්න. Rule 3: Communicate reasoning as well as bottom lines
4. ප්‍රතිපත්ති ලේඛනය සඳහා අංක අඩුවෙන් භාවිත කරන්න. Rule 4: Use numbers sparingly
5. ප්‍රතිපත්ති පහදා දෙනු මිසක ඒවාට පක්ෂ ව කතා නො කරන්න. Rule 5: Elucidate, don't advocate
6. ප්‍රතිපත්තියෙන් ප්‍රතිඵල ලබන්නන් සහ නොලබන්නන් හඳුනා ගන්න. Rule 6: Identify winners and losers
7. අනපේක්ෂිත ප්‍රතිඵල නො සලකා නො හරින්න. හෙවත් ප්‍රතිපත්තියෙන් ඇති විය හැකි ව තිබෙන, අපේක්ෂා නො කළ නමුත් ඇති විය හැකි අනිසි ප්‍රතිඵල ගැන සැලකිල්ල යොමු කරන්න Rule 7: Don't overlook unintended consequences

No comments:

Post a Comment