Sunday 11 March 2018

කැනඩාවේ අත්දැකීම් (26) ලිපි ලෙස ලැබෙන ප්‍රචාරක දැන්වීම්




කැනඩාවේ අත්දැකීම්  - (26) ලිපි ලෙස ලැබෙන ප්‍රචාරක දැන්වීම්
(1)   තැපෑලෙන් ලැබෙන ලිපි සමග, විවිධ වෙළෙඳ සැල්වලින් හෝ ආයතනවලින් එවන, භාණඩ සහ සේවා පිළිබඳ තොරතුරු සපයන දැන්වීම් කොළ ඇතුළත් ලිපි  ලැබෙයි. ඒවා ඉටි කවරවලින් හෝ ලියුම් කවර ලෙස සකස් කර එවනු ලැබේ (1 හා 2 වන රූප).
(2)   පළමු ව ලිපි ගැන යමක් කියමි. ලිපිවල විශේෂත්වයක් වේ. බැංකු, ආදායම් බදු පිළිබඳ ලිපි ලිඛිත ව ම එවීම ය.  ඊමේල් මගින් ගෙන්වා ගත හැකි වුව ද, මුදල් ගනුදෙනුවල දී බැංකු වැනි ආයතන විසින් පිළිගනු ලබන්නේ එම ආයතනවලින් ලිඛිත ව එවන ලේඛනයයි.  email මගින් එවන පණිවිඩ විශ්වාස නො කරන ලෙසට අදහසක් ද ලබා දෙනු ලැබ තිබේ. කැනඩාවේ දක්නට ලැබෙන දුර්වල ලක්ෂණයක් නම් ඊමේල්  සහ වෙබ් අඩවි මගින් විවිධාකාරයෙන් වංචා කිරීමට උත්සාහ කිරීමයි. මේ සඳහා වන ජාලය ඇමරිකා එක්සත් ජනපදයේ ආයතන දක්වා ම විහිදෙන බව පැහැදිලි වන්නේ එහි තිබෙන ආයතන ද කැනඩාවේ කටයුතු හා සම්බන්ධ වන නිසා ය. අත්දැකීමක් උදාහරණයක් වසයෙන් දක්වමි. ඔස්ට්‍රේලියාවේ සිට කැනඩාවට නිවාඩුවකට පැමිණෙන අයකු සති දෙකක් භාවිතය සඳහා වාහනයක් වෙබ් අඩවිය මගින්  ඩොලර් 50ක් අත්තිකාරම් බැඳ වෙන් කළ ද, ටොරොන්ටෝ නගරයේ අදාළ කාර්යාලයට පැමිණි විට එවන් වාහන වෙන් කිරීමක් වී නැති බවත් අප ආයතනය සතු ව වෙන් කළ ආකාරයේ  වාහනයක් ද නැති බවත් දන්වා තිබේ. අවස්ථා කිහිපයක දී මේ පිළිබඳ ව, වෙබ් අඩවියේ ලිපිනයට දූරකථනයෙන් කතා කළ විට ඒ ගැන සොයන බව කීව ද කිසිදු ප්‍රතිචාරයක් පැහැදිලි උත්තරයක් හෝ ගෙවූ  $50 නැවත ලබා දීමක් ගැන සඳහනක් නො විණි.  
(3)   දෙවනු ව ලිපි ලෙස ලැබෙන විවිධාකාරයේ දැන්වීම් දෙස බලමු. ඒවායෙන් කරුණු සපයන භාණ්ඩ සහ සේවා විවිධ ය (3-24 වන  රූප).
(4)   අමතර ව මහජන නියෝජිතයකු එවූ නත්තල් උත්සවය සහ නව අවුරුද්දට අදාළ සුභ පැතුම් පණිවිඩයක් හා  2018 වර්ෂය සඳහා වන කැලැන්ඩරයක් ද ලිපි ලෙස ලැබිණි (25-27).  නොමිලේ පෙන්වන චිත්‍රපටයක් ගැන කාඩ්පතක් ද විය (28 වන රූපය).  
 (5)   නිවාස සංකීර්ණයේ බිම් මහලෙහි තැන්පත් කරන ලියුම් සහිත කුටිවලින් ලිපි සහ දැන්වීම් ගන්නා නිවැසියන්,  ලිපි සමග තිබෙන දැන්වීම් තමාට අවශ්‍ය නැති දැයි එතන දී ම තීරණය කර, එහි අසල ඇති කුණු බාල්දියට දැමීම ද විශේෂ ලක්ෂණයකි. මෙහි වාසය කර අත්දැකීම් ඇති අය, සමහර ලියුම් දුටු ගමන් ම, ඒවා අනවශ්‍ය බව තේරුම් ගෙන කුණු බක්කියට එසැනින් විසි කරති (29 වන රූපය). මෙයාකාරයෙන් අපතේ යන කොළ නම් බහුල ය. 






























No comments:

Post a Comment