Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (37) මැතිවරණ පෝස්ටරයක් ගැන සිතුවිලි

කැනඩාවේ අත්දැකීම් (37) මැතිවරණ පෝස්ටරයක් ගැන සිතුවිලි
කැනඩාවේ මැතිවරණයක් ගැන අත්දැකීම් නැති නිසා 2015 ඉන්දියාවේ බැංගලෝර් නුවරට ගිය විටක දුටු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර තුනක් උපුටා දක්වමි.
• එක් කාන්තා අපේක්ෂිකාවකගේ රූපයක් පමණක් දැකිය හැකි ය.
• පුරුෂයන්ගේ රැවුල්වල රටාවලින් ඡන්දදායකයන්ට දෙන පණිවිඩය කුමක් ද? වරෙක දකුණු ඉන්දිය නඵවන් උඩු රැවුල් සහිත ව සිටින්නේ මන්දැයි ඇසූ විට (එවක ලංකාවේ ජනප්‍රිය නඵවන්ට උඩු රැවුල් නො වී ය.) ශ්‍රී ලාංකික දෙමළ මහතකු පැවසුවේ, රැවුල් නැති අය දකුණු ඉන්දියාවේ දී පොන්නයන් ලෙස සලකන බවයි. ඒ අදහස අනුව ඡන්දයටත් රැවුලත් එහි මෝස්තරයත් බලපාන්නේ ද?
• කණුවක අලවා ඇති පෝස්ටරයෙහි සිටින අපේක්ෂකයා සිතන ගාම්භීර විලාසය අනුව, ඉන්දියාව දියුණු කිරීම ගැන ඔහු කෙතරම් නම් සිතනවා ඇද්ද? (ඒ සිතන්නේ තමාගේ සහ තම පවුලේ දියුණුව ගැන නම් නො විය හැකි ය.) 1994 ඉන්දියාවේ නවදිල්ලි (NCERT) නුවර වැඩමුඵවකට ගිය විටක ඉන්දීය ජාතිකයකු කීවේ සමහර මන්ත්‍රිවරුන් තම බිරිදට ගුරු පත්වීම් ලබා දෙන බවත් එහෙත් ඇය කිසි දා පාසලට නො යන බවත් පඩිය ගෙදරට එන බවත් ය. ශ්‍රි ලංකාවේ තත්ත්වය නම් එතරමි පිරිහී නැති බව කීවෙමි. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ සමහර ජාතික පාසල්වල, කාලසටහන් නැති ව නිකන් සිට පඩි ගන්නා ගුරුවරුන් සිටින බවට අදහසක් මුහුණුපොතේ ප්‍රචාරය විය. 13 වන ශ්‍රේණියේ ළමයින්, පාසල් නො එන නිසා ඒ පන්තිවලට වැඩ කරන ගුරුවරුන් ද වැඩ නැති ව දුකින් කල් ගත කරනවා විය හැකි ය.




No comments:

Post a Comment