Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (43) කුඩා පොතක් A booklet

කැනඩාවේ අත්දැකීම් (43) කුඩා පොතක් A booklet
අඟලක් දිග පළලට කපා ගත් කොළ ටිකක් පොතක් සේ අමුණා 1 වන ශ්‍රේණියේ සිසුවියක ලියා ඇති දේ බලන්න.
ඒ මගින් ඇය ලබන නිපුණතා මොනවා ද?
• ඇඟිලිවල සුඛනම්‍යතාව
• මැණික් කටුව ඇතුඵ අත හැසිරවීමේ විනය
• අවධාන හැකියාව
• සූක්ෂමතාව
• සීමිත ඉඩක් පරිහරණය කර, ඇඳීමේ-ලිවීමේ කුසලතාව
• කාලය ගත වන අයුරු පිළිබඳ සංවේදනය
• කාලය සමග පරිසරයේ වර්ණ වෙනස් වන අයුරු පිළිබඳ සංවේදනය (ශරත් කල කහ පාට, ශීත කාලයේ නිල් වර්ණ වන අයුරු)
• කාලය සමග පරිසරයේ අනෙකුත් දැ වන ගහකොළ වෙනස් වන අයුරු පිළිබඳ සංවේදනය
• කාලය සමග විවිධ දෑ වෙනස් වන අයුරු පිළිබඳ ව කරනුයේ අන්වායාම අධ්‍යයනයි (Longitudinal research). මේ අනුව පර්යේෂණ ගැන සරල පාඩමක් ද මේ ක්‍රියාකාරකමින් ලබා දෙයි.












No comments:

Post a Comment