Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (29) සුදු හිමෙහි කඵ ලේන්නු ගැවසෙන අපූරුව

කැනඩාවේ අත්දැකීම් (29) සුදු හිමෙහි කඵ ලේන්නු ගැවසෙන අපූරුව

ශරත් ඍතුවෙහි දී පරිසරයේ නිදහසේ ගැවසුණු විවිධ වර්ගයේ ලේන්නු (1 වන වීඩියෝවේ කණුවක් උඩ යමක් කන ලේනා බලන්න) ශීත ඍතුවෙහි උෂ්ණත්වය -20c ටත් වඩා අඩු වූ කල නො පෙනී ගියහ. Hibernate යනු 'සතුන් ශීත කාලයේ නින්දෙන් ගත කිරීමය' යනුවෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ දී 1972දී අපට අගනා ඉංග්‍රිසි පාඨමාලාවක් දායාද කළ ආචාර්ය ආබෘ ගේ විශිෂ්ට විෂය නිර්දේශ ශෛලිය සහ ඉංග්‍රිසි උගන්වූ කුමාරණතුංග මහත්මියගේ ශිෂ්‍ය මිතුරු උගැන්වීම් ශෛලිය නිසා අදටත් මතකයේ පවතී. ඒ උගෙනුම, පළමු පෙළ අත්දැකීමක් ලෙස, මේ ලේනුන් පදනම් කර ගෙන, අවුරුදු 45ටපසු අත්දකිමි. උෂ්ණත්වය -1c -2c ටත් වඩා අඩු වූ පසුගිය දින දෙක තුනේ දී කඵ ලේන්නු නැවතත් සුදට සුදේ දිළිසෙන හිමෙහි ගැවසෙමින් ආහාර සොයන්නට එළිමහනට පැමිණ සිටිති (2 හා 3වන වීඩියෝව).



No comments:

Post a Comment