Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (36) ටින් කළ පොලොස් ද තක්කාලි සම්බල් සමග අලිපේර ද කෑමට තිබේ.

කැනඩාවේ අත්දැකීම් (36) ටින් කළ පොලොස් ද තක්කාලි සම්බල් සමග අලිපේර ද කෑමට තිබේ.
(1) ශ්‍රී ලාංකික අප අලිපේර රස කර කන්නට පුරුදු ව සිටිනුයේ සීනි හෝ පැණි සමඟ ය. කැනඩාවේ කඩවල විකිණෙන පැකට් කළ අලිපේර මිශ්‍රණයට තක්කාලි, ඵණු සහ සුදුඵණු ද ඇතුළත් ය (1 වන රූපය). සැර රසයක් ඇත. නිෂ්පාදනය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මේ මිශ්‍රණය පාන්වල තවරා අනුභව කරන පිරිස් ද කැනඩාවේ වෙති (2 හා 3 වන රූප). විවිධ රටවල, එක ම දැ රස බලන- රස කරන ආකාරය වෙනස් බවට සාක්ෂ්‍යකි.

(2) අලිපේර ශ්‍රී ලාංකික දේශීය නිපැයුමක් නො වේ. අවුරුදු 8000-15000කට පෙර පේරු රටෙහි අලිපේර අනුභව කළ බවට පුරාවිද්‍යා සාක්ෂ්‍ය හමු ව ඇත. ඒ අතර ම මෙක්සිකෝව සහ දකුණු ඇමරිකාවේ විවිධ රටවල අලිපේරවල උපත පිළිබඳ සාක්ෂ්‍ය විවිධ කාලවල හමු ව ඇත. අලිපේර සදහා වන ඉංග්‍රිසි පදය වන "avocado" යන්නෙහි මුල් උත්පත්තිය, මධ්‍යම මෙක්සිකොවේ ඇෂ්ටෙක් (Aztec) වරුන් භාවිත කළ 'නාවටි Nahuatl' භාෂාවට සම්බන්ධ ය. අලිපේර ගෙඩි, පුරුෂ සිරුරේ අණ්ඩකෝෂ හා සමාන හැඩයෙන් යුතු නිසා, එම ශරීරාංගයට භාවිත වන නාවටි බසින් එන පදයකින් "avocado" යන පදය උපත ලැබී ය (4-6 රූප). 

(3) පොලොස් විකිනීමට ඇත්තේ ටින් කර ය (7 වන රූපය). ඒවා තායිලන්තයෙන් ආනයනය කර ඇත. චීන ජාතිකයන් සතු වෙළෙඳ සැලකට ගිය විට කොස් ගෙඩි ද විකුණන්නට තිබිණි (8 වන රූපය). 


 (4) ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා, ක්‍රමානුකුල ව සැලසුම් කළ හොත්, ලොව පුරා වෙළෙපොළ ඇති බව පැහැදිලි ය. ඒ සදහා වන පොරොන්දු , මැතිවරණයක් ළග නිසා දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වුව හොත් මැනවි.









No comments:

Post a Comment