Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (31) නුවරඑළියේ වැස්ස නො ව මිසිසාගාවල හිම වැස්ස සේ ය.

කැනඩාවේ අත්දැකීම් (31) නුවරඑළියේ වැස්ස නො ව මිසිසාගාවල හිම වැස්ස සේ ය.

(1) විටින් විට වෙනස් වන වැසි රටා නිසා, නුවරඑළියේ වැස්ස කාන්තා හිතට සමාන කළ කිවියකු ගැන මතකයක් පවති. මිසිසාගා කාලගුණ රටා සහ හිම වැටෙන රටා ද විවිධ ය. නො සිතන ලෙස වෙනස් වනසුලු ය.
උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ්
දිනය
2018 ජනවාරි     සිට     දක්වා
              5         -15     - 23
              6         -17     - 24
              7           -2     - 21
              8            2        -3
              9            1        -3
            10            7        -5
            11          13         0
            12          11      -14

(2) 2018 ජනවාරි 5-12 අතර දිනවල උෂ්ණත්වය වෙනස් වීම සමග පරිසරයේ හිම දක්නට ලැබුණු අයුරෙහි වෙනස සහ ඒ අනුව පරිසරය වෙනස් වූ ආකාරය රූප පෙළකින් දක්වමි.

(3) 8 වන දා පාසල ඇරී, උෂ්ණත්වය ඍණ ගණන් නිසා, ඇද හැඵණු හිම මත ආශාවෙන් ගමන් කළ දරුවන්ට (1-3 වන රූප) , 11 වන දා වන විට උෂ්ණත්වය ධන වූ නිසා හිම රහිත බිමේ ඇවිද යන්නට සිදු විය (4-8 වන රූප). 8 වන දාට පෙර නිවෙස් වහල මත වූ හිම ද දිය වී ගොසිනි. පාරවල තිබූ හිම ඉවත් කර පරිසරයේ තැන් තැන්වල ගොඩ ගසා තිබු හිම නම් තවම දිය වී නැත.

(4) 12 වන දා පස්වරු 1.00ට පසු ඍණ -14ක් වූ උෂ්ණත්වය සමග නැවත හිම වැටෙන්නට විය (9-11 වන රූප). හිම වැටෙන වේගය පිළිවෙළින් වෙනස් වන අයුරු ද වීඩියෝ පට තුනේ දැක්වේ.

(5) වැටෙන හිම වැස්සේ වැඩිහිටි ගැහැනු ළමයකු පාසල් අවසන් ව නිවසට යන අයුරු ද නරඹන්න. ඇය ගමන් කරන මාර්ගය ද වීඩියෝවෙන් දැක්වේ (12 වන රූපය).













No comments:

Post a Comment