Tuesday 13 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (33) ක්‍රියාමූලික පර්යේෂණවල දී විවිධ හැඩරුවවලට ඉඩ තිබිය යුතු ය

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (33) ක්‍රියාමූලික පර්යේෂණවල දී විවිධ හැඩරුවවලට ඉඩ තිබිය යුතු ය.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල කථිකාචාර්යවරුන් සඳහා, ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවත් ආයතන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක් ව ක්‍රියාමූලික පර්යේෂණ වැඩමුඵවක් (2013.12.7-11) පැවැත්වූයෙමි. එහි දී සහභාගිකයන්ට, ක්‍රියාමූලික පර්යේෂණවල න්‍යායාත්මක මෙන් ම ප්‍රායෝගික පාර්ශ්වයට අදාළ ලේඛන ගොනුවක් සපයන ලදී. ක්‍රියාමූලික පර්යේෂණ පිළිබඳ ව පොතක් සකසන අතර ලැබුණු මේ ලිපිය, බෙදා හැරීමඋචිත යයි හැගුණු හෙයින් මුහුණු පොතේ පළ කරමි.
ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ක්‍රියාමූලික පර්යේෂණවල ප්‍රමාණාත්මක වර්ධනය ගැන සතුටු විය හැකි ය. අසතුටු විය හැක්කේ ඒ පර්යේෂණ ද පර්යේෂකයන් ද ආකෘතිවලට හිර වීම ගැන ය. මේ පණිවිඩය යම් තරමකින් ලබා දීමට මේ ලිපිය සමත් වනු ඇතැයි හඟිමි.
මෙහි දෙමළ පර්වර්තනය කරන ලද්දේ එම්.එච්.එම්. යාකුත් මහතා විසිනි. පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ලේඛන බොහොමයක් දෙමළ මාධ්‍යයට පරිවර්තනය කරන්නට දායක වූ යාකුත් මහතාට බෙහෙවින් ස්තුතියි.
මහාචාර්ය සුචරිත ගම්ලත් ස්වකීය ලේඛනවල උපුටා දක්වන ප්‍රකාශයක් නම්, 'එක භාෂාවක් පමණක් දන්නා තැනැත්තා කිසිදු භාෂාවක් නො දන්නා බවයි'. මේ බව මට පසක් වූ අවස්ථාවක් වූයේ පර්යේෂණ ලේඛන දෙමළ මාධ්‍යයට පරිවර්තනය කරන විට යාකුත් මහතා ඇසූ ප්‍රශ්න ය. මේ ලේඛනයේ සදහන් පෙලඹුමක් (Inspiration) සහ ශුද්ධබුද්ධ (Fine tune) යන පද පරිවර්තනයේ දී හෙතෙම කර ඇති සටහන් බැලූ විට මේ බව පසක් වනු ඇත.
Inspiration යන්නට අනුප්‍රාණයක් -ආවේෂයක් යන පද වඩාත් උචිත ය. Fine tune යන්නෙන් 'සියුම් ව සකස් කිරීම' යනු අදහස් වේ. මේ සඳහා ව්‍යවහාරයේ එන 'ශුද්ධබුද්ද' යන පදය මවිසින් භාවිත කරනු ලැබ තිබේ.










+4

No comments:

Post a Comment