Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (40) නොබලන් මා දෙස-බලන්න හිම දෙස

කැනඩාවේ අත්දැකීම් (40) නොබලන් මා දෙස-බලන්න හිම දෙස
ජීවිතයේ පළමු වරට සෙල්ෆි ගතිමි. ශීතලෙන් බේරෙන්නට ඇග වැසෙන්නට ඇඳ සිටි නිසා ලැජ්ජා බයකින් තොර ව සෙල්ෆි ගන්නට හැකි විය. ලස්සන හිමේ වැටුණු මගේ අවලස්සන සෙවණැල්ල ද ඡායාරූප ගත කළෙමි. හිරු ඉලක්ක කර, හිරු ද සමඟ සෙල්ෆියක් ගන්න සිතුවේ, ආලෝකය තිබුණත් ශීතල නැති කරන්නට අසමත් සැර නැති සූර්යයකු ද සිටින බව පෙන්වන්නට ය. ඒ අසාර්ථක වූ හෙයින් අසල හිම සමග සෙල්ලම් කරමින් සිටි 6 වන ශ්‍රේණියේ උගෙනුම ලබන ළමයකුට කී විට හේ අපූරුවට හිරු ද මා ද කැමරාවට නාභි කර ගත්තේ ය. අනතුරු ව හිම දෙපස ඇති පදික වේදිකාවේ ද අලුතින් වැටුණු හිම උඩින් ම ද ඇවිදිමේ අත්දැකීම ලදිමි. අලුතින් වැටුණු හිම යට ඇති ඝන වූ පැරණි හිම තිබූ තැනකට පය තබා ලිස්සා යන්නට ගොස් බේරුණේ අනූනවයෙනි.












4 comments:

  1. හිම...සැර නැති හිරු.. සහ සැගවුන හිරු...

    ReplyDelete
  2. නව සහ සැඟවුණු අරුත් සහිත ව ලියා ඇත. තුති.

    ReplyDelete