Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (27) හිරු එළිය ද පැරදී ඇත්තේ ය.

කැනඩාවේ අත්දැකීම් (27) හිරු එළිය ද පැරදී ඇත්තේ ය.
2018.01.05 වන දා, අද, සවස 1.00 දැඩි හිරු රශ්මිය වැටුණු අයුරු දැක්වෙන වීඩියෝව දකින විට සිතෙනුයේ, එළියට ගිය හොත් දහදිය දමනු ඇත යනුවෙනි. එහෙත් හිමෙන් වැසුණු පරිසරය, දැඩි ශීතල විසින් වෙළා ගනු ලැබ ඇත. අද මිසිසාගා පෙදෙසේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක -17කි. එය දවස ඇතුළත සෙන්ටිග්‍රෙඩ් අංශක -15 - -22 අතර විචලනය වනසුලු ය. එහෙත් ශීතල සුළඟෙහි බලපෑම නිසා සෙන්ටිග්‍රෙඩ් අංශක -32ක අඩු උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනසුලු ය. එබැවින් හිරු එළියේ බලය පාලනය වී ඇත්තේ ය.මේ ප්‍රතිවිරෝධි සංසිද්ධි විදහා පෙන්වමින් උදේ 7.52ට නැගි හිරු සවස 4.56ට බැස ගියේ ය.

 

No comments:

Post a Comment