Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (35) ගෙදර වැඩ සඳහා ප්‍රතිපත්ති පළාත්-දිස්ත්‍රික්-පාසල් තලවල තිබේ.

කැනඩාවේ අත්දැකීම්  (35) ගෙදර වැඩ සඳහා ප්‍රතිපත්ති පළාත්-දිස්ත්‍රික්-පාසල් තලවල තිබේ.
(1) කැනඩාව පළාත් (provinces) දහයකින් සහ රාෂ්ට්‍ර (territories) තුනකින් සමන්විත ය. අධ්‍යපනය පිළිබඳ බලතල හිමි මධ්‍යම රජයට නො ව පළාත්වලට ය.
(2) පළාත් මට්ටමින් ගෙදර වැඩ පිළිබඳ ප්‍රතිපත්ති විවිධ අයුරින් සැකසී තිබේ. නොවස්කෝෂියාවේ පළාතට අදාළ ගෙදර වැඩ ප්‍රතිපත්තිය 2-4 යන පිටුවල වේ.
(3) ඔන්ටාරියෝ පළාතේ http://www.edu.gov.on.ca/elearning/homework.html යන වෙබ් අඩවිය අනුව, 7-10 වන ශ්‍රේණිවල ශිෂ්‍යන්ට පවතින ගෙදර වැඩවලට අදාළ ගණිත ගැටලුවලට උදව් කිරීම සඳහා අන්තර්ජාලයෙන් ගුරු සහාය ලබා දී තිබේ (Homework help). මේ සදහා ලියාපදිංචි ව, ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා පස්වරු 5-9 අතරතුර කාලයේ දී අදාළ අන්තර්ජාල සබැදිය වෙත පිවිස ගුරුවරයා සහ ශිෂ්‍යයන් අතර ඇති වන ගැටලු විසඳීමේ සංවාදයට සහභාගි විය හැකි ය.
(4) පළාතක් දිස්ත්‍රික් පාසල් මණ්ඩලවලට බෙදා තිබේ. දිස්ත්‍රික් පාසල් මණ්ඩල ද, ස්වකීය දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙදර වැඩ ප්‍රතිපත්ති, විවිධ ලෙස සකස් කර තිබේ. (https://www.theglobeandmail.com/…/what-canad…/article570657/ වෙබ් අඩවිය බලන්න). දිස්ත්‍රික් දෙකක ප්‍රතිපත්ති සලකා බලමු.
(5) වැන්කුවර්: දී යාවත්කාලීන කරන ලද වැන්කුවර් 1994දිස්ත්‍රික් පාසල් මණ්ඩල ප්‍රතිපත්තිය අනුව පෙර පාසලේ සිට 3 ශ්‍රේණිය දක්වා ගෙදර වැඩ නො දිය යුතු ය. 4-7 වන ශ්‍රේණිවල දී දිනකට විනාඩි 30කට වඩා වැය වන ගෙදර වැඩ නො දිය යුතු ය. 8-10 වන ශ්‍රේණිවල දී පැයකට අඩු කාලයක් ද 11-12 ශ්‍රේණිවල දී පැය 2කට අඩු කාලයක් ද ගත වන ගෙදර වැඩ ලබා දිය යුතු ය.
(6) ටොරොන්ටෝ: ටොරොන්ටෝ දිස්ත්‍රික් පාසල් මණ්ඩල බල ප්‍රදේශයේ ප්‍රතිපත්තිය, ටොරොන්ටෝ දිස්ත්‍රික් පාසල් මණ්ඩලය විසින් මෙසේ සාරාංශ කරනු ලැබ ඇත. ප්‍රාන්තයේ 'ගෙදර වැඩ' පිළිබඳ ප්‍රතිපත්තිය, 2009 නොවැම්බර් 22 වන දින ප්‍රසිද්ධ කර 2017 මාර්තු 26 වන දා යාවත්කාලීන කරන ලදී.
 ගෙදර වැඩ ප්‍රතිපත්තිය අනුව පෙර පාසල් ශිෂ්‍යයන්ට (kindergarten students) ගෙදර වැඩ නොපැවරිය යුතු ය. නිවාඩු කාලවල දී ද ගෙදර වැඩ ලබා නො දිය යුතු ය.
 1-6 ශ්‍රේණිවල ශිෂ්‍යයන්ට, ශිෂ්‍යයාගේ සුවිශේෂී අවශ්‍යතා සහ ශිෂ්‍ය විවිධතා නිරූපණය වන පරිද්දෙන්, ගෙදර වැඩ සැපයිය යුතු ය. මෙම වර්ෂවල දී ගෙදර වැඩවල ස්වරූපය විය යුත්තේ කියවීම, ක්‍රීඩා කිරීම හෝ අන්තර් ක්‍රියාවලට පොලඹවන ක්‍රියාකාරකම්වල යෙදීම (උදාහරණ පවුලේ සාමාජිකයන් සමඟ ඉවීමට හවුල් වීම, ඉදි කිරීම්වලට හවුල් වීම) ය.
 හත් වන සහ අට වන ශ්‍රේණිවල ශිෂ්‍යයන්ට පවරන ගෙදර වැඩ නිම කිරීමේ කාලය පැයක් හෝ පැයකට අඩු විය යුතු ය.
 9-12 ශ්‍රේණිවල ගෙදර වැඩ නිම කිරීමේ කාලය පැය 2ක් විය යුතු ය.
 ගෙදර වැඩ පැවරුම් කාර්යක්ෂම වීමට නම් ඒවා විෂයමාලාව පදනම් ව සැකසිය යුතු ය. ඒ පිළිබඳ ව ශිෂ්‍ය්‍යන්ට ප්‍රතිපෝෂණ සැපයිය යුතු ය. පන්ති කාමරයේ ඉගෙනුම ලබන කාලයට බාහිර කාලයේ අමතර ඉගැන්වීම් කර ගෙදර වැඩ, නිම නො කළ යුතු ය. ශිෂ්‍යයන්ට ළඟා විය නො හැකි සම්පත් සහ තාක්ෂණික දෑ, ගෙදර වැඩ නිම කිරීමට අවශ්‍ය නො විය යුතු ය.
(7) ටොරොන්ටෝ දිස්ත්‍රික් පාසල් මණ්ඩල බල ප්‍රදේශයේ මූලික පාසලට (Elementary School 1-8 වන ශ්‍රේණී) අදාළ ප්‍රතිපත්තිය විස්තරාත්මක ව http://www.tdsb.on.ca/Elementary-School/Get-Involved/ Homework යන වෙබ් අඩවියේ දැක්වේ. ඒ පිළිබඳ කරුණු මෙසේ ය.
සෑම ළමයකුගේ ම පාසල් අත්දැකීමේ වැදගත් අංගයක් වනුයේ ගෙදර වැඩ ය. ගෙදර වැඩ මගින් නිවසේ දී ඉගෙනුමෙහි නිරත වීමට අවස්ථා සැපයෙයි. පාසලේ දී ඉගෙන ගත් දෑ සදහා සහාය වීමට එමගින් උදව්වක් ද ලැබේ. ගෙදර වැඩ, ළමයාගේ මුල් කාලයේ දී ම හොඳ ඉගෙනුම් පුරුදු සඳහා ධෛර්ය ලබා දෙයි. එමගින් ශිෂ්‍යයන්ට සාර්ථක බව ද ළඟා කර ගත හැකි ය. පාසලේ කාර්ය මණ්ඩලය, ගුරු මණ්ඩලය, ශිෂ්‍යයන් සහ පවුලේ සාමාජිකයන් සියලු දෙනා ගෙදර වැඩ සඳහා උදව් වීමේ දී මූලික භූමිකාවක් ඉටු කළ යුතු ය. පාසල සහ නිවස අතර ධනාත්මක වූත් විවෘත වූත් සහයෝගය,ශිෂ්‍යයාගේ සාර්ථක වීම සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ඇත.
ටොරොන්ටෝ දිස්ත්‍රික් පාසල් මණ්ඩලයේ ගෙදර වැඩ ප්‍රතිපත්තිය, ශිෂ්‍ය ඉගෙනුමට සහ ගෙදර වැඩට සම්බන්ධ සියලු දෙනා එකට වැඩ කළ යුතු ආකාරය සාරාංශ කර දක්වයි. ඒ ලියා ඇත්තේ
• වර්තමාන ඉගැන්වීම් ඉගෙනුම් ක්‍රියාවලිය
• පර්යේෂණ
• ශිෂ්‍ය සංගණන දත්ත
• දෙමව්පියන් අධ්‍යාපනඥයන් ප්‍රජා සාමාජිකයන්ගේ උපදෙස්
පදනම් කර ගෙන ය. විෂය සමගාමි ක්‍රියාකාරකම්වලට සාපේක්ෂ ව ද ළමයාගේ පෙෘද්ගලික යහපත සහ පවුලේ සුභ සෙත සදහා කළ යුතු ක්‍රියාකාරකම් ද සලකා බලා ගෙදර වැඩ සඳහා ගත වන කාලය සඳහා වන ප්‍රතිපත්තිය සමබර කර තිබේ.
ගෙදර වැඩ සඳහා ඉඟි සහ සම්පත්
ගෙදර වැඩ සාර්ථක වීම සඳහා දෙමාපියන් භාරකරුවන් මූලික කාර්යයක් ඉටු කරනු ලබයි. ළමයාට සහාය වීම සඳහා ඔබට කළ හැකි ඉඟි සමහරක් මෙසේය .
 ගෙදර වැඩ සඳහා වෙලාවක් වෙන් කරන්න. අවධානය වෙනස් කරන කලබලයකින් තොර වූ නිෂ්ශබ්ද ස්ථානයක් සපයන්න
 ගණිතය, කියවීම, ලිවීම දිනපතා අභ්‍යාස කරන්න. එදිනෙදා ලියන-කියවන පුවත්පත්,බිල්, බඩු ලැයිස්තුව, කෑම වට්ටෝරුව ලිවීමට කියවීමට ළමයාගේ උදව් ගන්න
 පාසලේ වන දේ ගැන උනන්දුව පළ කරන්න. පාසලේ මොන දේ කළා දැයි සාකච්ඡා කරන්න.
 දරුවන් උදව්වක් ඉල්ලා සිටි විට ඔහුට/ඇයට ප්‍රශංසා කරගෙදර වැඩ සඳහා දිරිමත් කරන්න
 ගුරුවරුන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වන්න. නිම කළගෙදර වැඩ පිළිබඳ ව විමසන්න
සම්පත්
ගෙදර වැඩ පිළිබඳ ව අමතර දේ ඔබ අපේක්ෂා කරන්නේ ද? සෑම පාසලක්ම දෙමාපියන්ට සහ ශිෂ්‍යයන්ට ළඟා විය හැකි වැඩසටහන්, මිතුරු උපදේශකයන්, ගෙදර වැඩ සමාජ සකස් කර තිබේ. ඒ පිළිබඳ විස්තර පාසලෙන් ලබා ගන්න.
නිවසේ අධ්‍යයනය සඳහා ක්‍රියාකාරකම්
පළමු වන ශ්‍රේණයේ සිට 8 වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි සහ ගණිතය ඉගෙන ගැනීමේ ක්‍රියාකාරකම් අප සතු ය. ක්‍රියාකාරකම් දවස් තුනකට අදාළ පාඩම් සපයන අතර ඒවා වෙබ් අඩවිගත කර ඇත .
(http://www.tdsb.on.ca/…/Policies-Procedure…/Detail/docId/199 වෙබ් අඩවියට පිවිස, ටොරොන්ටෝ දිස්ත්‍රික් පාසල් මණ්ඩලයේ ගෙදර වැඩ ප්‍රතිපත්තිය පිළිබඳ විස්තරාත්මක ප්‍රතිපත්ති ලේඛනය අධ්‍යයනය කරන්න) (5-10වන පිටු).
(8) Peel දිස්ත්‍රික් අධ්‍යාපන මණ්ඩලය, පාසල් වැඩසටහන්වලට, ගෙදර වැඩ ඇතුළත් කිරීමට සහාය දෙනු ලැබේ. දෙමාපියන් සමග, ගෙදර වැඩවලට අදාළ ඉගෙනුම් අපේක්ෂා පිළිබඳ ව අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ද හඳුනා ගනු ලැබ තිබේ. 'දෙමාපිය ඉගෙනීම වර්ධනයට' රුකුලක් යන මාතෘකාව යටතේ ඇති ගෙදර වැඩට සම්බන්ධ 11 ව පිටුවේ කරුණු කියවන්න.වැඩි විස්තර සඳහා Peel දිස්ත්‍රික් අධ්‍යාපන මණ්ඩලයේ ගෙදර වැඩ ප්‍රතිපත්ති ලේඛනය බලන්න (12-13 වන පිටු).
(9) කැනඩාවේ ඒ ඒ පාසල් විසින් ද ගෙදර වැඩ සදහා වන ප්‍රතිපත්ති සකස් කරනු ලැබ තිබේ. Morning Star Middle school ගෙදර වැඩවලින් අපේක්ෂා කරන දේ 1 වන පිටුවේ දැක්වේ (http://schools.peelschools. org/ 1114/aboutus/homework/Pages/default.aspx වෙබ් අඩවිය බලන්න). ඒ සඳහා පදනම් වනුයේ පාසල පිහිටි පීල් දිස්ත්‍රික් අධ්‍යාපන මණ්ඩලයේ නිර්දේශ ය.
(10) ගෙදර වැඩ පිළිබද තවත් කරුණු දෙකක් පවසමි. http://www.tdsb.on.ca/…/Get-Inv…/Homework/Learning-Materials යන ටොරොන්ටෝ දිස්ත්‍රික් අධ්‍යාපන මණ්ඩලයේ වෙබ් අඩවිය අනුව, ගෙදර වැඩ සදහා වන ක්‍රියාකාරකම් සමහරක්, වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. භාෂා සහ ගණිතය සම්බන්ධ ව 1-8 වන ශ්‍රේණිය දක්වා ක්‍රියාකාරකම් එහි දක්වා තිබේ. උදාහරණයක් සදහා 14-18 වන පිටු බලන්න.
ගෙදර වැඩ පිළිබඳ පර්යේෂණ කරන සංස්කෘතියක් ද තිබේ. ටොරොන්ටො විශ්වවිද්‍යාලය ගෙදරවැඩ පිළිබඳ ව කළ පර්යේෂණයක අනවාරණ උපුටා දක්වන පළාත් අධ්‍යාපන ඇමතිණිය, ඒ අනුව ගෙදර වැඩ ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බැලීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. මේ පිළිබද ව පළ වූ පුවත්පත් වාර්තාවක් මෙසේ වේ.

                 Ontario school boards should review homework policies: minister
The Canadian Press Posted: Apr 01, 2008 12:09 PM ET Last Updated: Apr 01, 2008 1:54 PM ET
Reducing the homework load for kindergarten students, holding back on homework assignments over the holidays and killing penalties for late homework assignments seems "reasonable," Ontario Education Minister Kathleen Wynne said Tuesday.
She urged all school boards to study their homework policy.
Toronto's public school board is looking at setting stricter rules for homework in the wake of a study suggesting Ontario students spend more time on homework than their peers in other provinces. The University of Toronto study said the situation is stressing out kids, eating into family time and even sparking marital spats.
"I've always said that boards need to review their homework policies . . . Homework policies have to be reviewed regularly. I don't think you can put a homework policy in place and then never look at it again," said Wynne, adding she's encouraged the Toronto public board is reviewing students' homework load.
"Some of the suggestions sound pretty reasonable to me."
Ontario kids spend an average of 40 minutes a night on homework compared to 32 minutes in the rest of the country, according to the study conducted by the University of Toronto's Ontario Institute for Studies in Education.
Ontario students also seem to get assigned more projects while their parents have more negative attitudes toward homework and tend to help out more than those in other parts of the country, the study found.
There is also little evidence that assigning youngsters 10 minutes of homework in kindergarten actually improves their grades or their learning, the authors found.
Premier Dalton McGuinty said he's not going to rule on whether homework in junior kindergarten is appropriate or whether kids should spend their holidays doing school work.
"That's a call for teachers and principals to make," he said.
But Toronto trustee Josh Matlow said other boards across the country should be watching the Toronto public board as they look at "revolutionizing" homework requirements, he said. Kids shouldn't spend their long weekends worrying about a homework assignment that is due on Monday, he said.
Homework for kindergarten students should be "erased" altogether, he added.
"A lot of school boards across the country are going to watch what we're going to do," said Matlow, who raised the issue a year ago. "There are a lot of political debates and we often get into the sensational issues but this is one of the more substantive things we're going to do this year."
© The Canadian Press, 2008




















No comments:

Post a Comment