Tuesday 13 March 2018

කැනඩාවේ අත්දැකීම් (42) හිමෙන් වැසුණු දුම්පානයේ රටා

කැනඩාවේ අත්දැකීම් (42) හිමෙන් වැසුණු දුම්පානයේ රටා
1. ශීත කාලයේ වුව ද උෘෂ්ණත්වය ධන අගයයක් ගත් විට හිම දිය වෙන්නට පටන් ගනී. එවිට සුදට සුදේ ලස්සනට ඇති පරිසරයේ සිගරට් කොට ද ඉවත දමන ලද විවිධ කොළ වර්ග-බෝතල් ආදිය ද මතු වන්නට පටන් ගන්නේ ය. හිම සහිත-රහිත පරිසර සසඳා වීඩියෝ කර ඇති දර්ශන සහ ඡායාරූප සසඳන්න (1-7 වන රූප සහ වීඩියෝ).
2. කැනඩාවේ එළිපිට දුම් බොන පුරුද්ද වේ. සමහර කාන්තාවෝ ද යහමින් දුම් බොති. ඉතිරි සිගරට් කොට විසි කිරීමේ ලා පවතින විනය නම් දුර්වල ය. බස් නැවතුම් පළක් අවට ඇති සිගරට් කොට බලන්න (8 වන වීඩියෝව)
3. කැනඩාවේ සැම පෙදෙසක ම මේ ගැටලුව වේ දැයි නො දනිමි. (දුම්බීමට අදාළ ශ්‍රී ලාංකික ප්‍රතිපත්ති සහ පිළිවෙත් ගැන නම් අපට සතුටු විය හැකි ය.)









No comments:

Post a Comment