Monday 12 March 2018

කැනඩාවේ අත්දැකීම් (33) උපදෙස් සිංහල භාෂාව ඇතුඵ භාෂා 41කින් සපයන අධ්‍යාපන වෙබ් අඩවිය

කැනඩාවේ අත්දැකීම් (33) උපදෙස් සිංහල භාෂාව ඇතුඵ භාෂා 41කින් සපයන අධ්‍යාපන වෙබ් අඩවිය
කැනඩා අධ්‍යාපනය ගැන කරුණු සොයන්නට අන්තර්ජාලයට පිවිසුණු විට, අහම්බෙන් සිංහල මාධ්‍ය වෙබ් පිටු ද දකින්නට ලැබිණි. එහි කරුණු අනුව කැනඩාවේ අධ්‍යාපනය ප්‍රාන්ත සතු වගකීමකි. ඒ අනුව ඔන්ටේරියෝ ප්‍රාන්ත අධ්‍යාපනය පාලනය කිරීමට දිස්ත්‍රික් පාසල් මණ්ඩල 72ක් පිහිටුවා ඇත. එයින් 'පීල් දිස්ත්‍රික් අධ්‍යාපන මණ්ඩලය PEEL District school board' සතු වෙබ් අඩවියේ කරුණු භාෂා 41කින් සඳහන් කර ඇත (1 වන රූපය).
http://languages. peelschools.org/ singhalese/home/index.htm යන වෙබ් අඩවියට පිවිසෙන විට, සිංහල භාෂාවෙන් ද කරුණු කියවිය හැකි ය. එහි සඳහන් කරුණු සමහරක් උපුටමි (2-3 වන රූප). වැඩි විස්තර එකී වෙබ් අඩවියට පිවිස කියවීමට ඔබ සැමට ඇරියුම් කරමි.
ශ්‍රී ලංකාවට, භාෂාව යනු සංවේදී මාතෘකාවකි. අවුරුදු 2500කට වැඩි ඉතිහාසයේ සාධකවල බලපෑම නිසා ය. අවුරුදු 150ක කෙටි ඉතිහාසයක් සහිත නූතන කැනඩාව (කැනඩාවේ ආදිවාසී ඉතිහාසය නම් පැරණි ය), රට අලුතෙන් ගොඩ නගන නිසා, මේ ප්‍රතිපත්තියෙන් කටයුතු කරනවා විය හැකි ය. ඒ ගැන නො සිතා, කැනඩා අධ්‍යාපන දර්ශනය ගැන හැදැරීමට, මේ අනගි සම්පත සහිත වෙබ් අඩවිය භුක්ති විඳින මෙන් ඔබ සැමට ඇරියුම් කරමි.





No comments:

Post a Comment